ආසියාවෙන් පිට පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන්

Coronavirus Sri Lanka

නව කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන අද වන විට 1,525 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් හමුවන රටවල් ලැයිස්තුවට අලුතින්ම එක්ව තිබෙන්නේ ඊජිප්තුවයි.

ඒ අතර යුරෝපයේ පළමු මරණය අද (15) ප්‍රංශයෙන් වාර්තා විය. නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 66,000 ඉක්මවා තිබෙන්නේ මරණ සංඛ්‍යාව 1,525 දක්වා ඉහළ නංවමින්. මියගිය පිරිස අතරින් 1500 කට ආසන්න පිරිසක්ම වූහාන් නගර වැසියන්. මරණ සංඛ්‍යාව පවතින්නේ, ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 2.3ක අගයකයි.

පවතින තත්ත්වය මත චීනයේ බීජිං අගනුවර වෙත පැමිණෙන සියලුම දෙනාට දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සඳහා යොමු වීම අනිවාර්ය කර තිබේ.

චීන මාධ්‍ය වාර්තා කළේ, සෞඛ්‍ය සේවකයින් 1700 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතුරින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සහ නිරෝධායන කටයුතු සඳහා භාවිත කෙරෙන විශේෂ ඇඳුම් නිෂ්පාදනය තුන් ගුණයකින් පමණ ඉහළ නැංවීමට චීනයට සිදුව තිබේ. ඒ හේතුවෙන් නිෂ්පාදන සමාගම්, සිය සේවකයින්ගේ දෛනික සේවා කාලය පැය 15ක් දක්වා ඉහළ නංවා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.

වෛරසය පැතිර යාම වළක්වා ගැනීම සඳහා ආපනශාලාවල ආහාර ලබාගැනීමේදී ස්වයං සේවාවට වැඩි ඉඩක් ලබා දී තිබේ. වෛරසය ආසාදනය වූ 97 හැවිරිදි කාන්තාවක සුවය ලබා සිටින අතර සුවය ලැබූ වයෝවෘද්ධම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඇයයි.

මේ අතර රෝහලේ අඛණ්ඩව රාජකාරිවල නිරතවූ හෙදියකට සිය විවාහ මංගල්‍යය දිනයද අතපසු වූ පුවතක් චීන මාධ්‍ය වාර්තා කළේය.

ඒ හේතුවෙන් ඇයගේ මිතුරියන් විවාහ මංගල්‍යයක් රෝහලේම සංවිධාන කර තිබූ අතර ආරක්ෂිත අත්වැසුම් භාවිතයෙන් මල් කළඹක් හා ශල්‍ය ඇඳුම් භාවිතයෙන් මංගල ඇඳුමක් ඇයට සකස් කර දී තිබුණි. මනාලයාව සම්බන්ධ කර ගැනුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

මේ අතර අමෙරිකාවේ ආසාත්මිකතා සහ ආසාදිත රෝග පිළිබඳ ජාතික ආයතනය විසින් කොවිඩ් 19 වෛරසයේ නව ඡායාරූප කිහිපයක් මාධ්‍යයට නිකුත් කළේය. විද්‍යුත් අන්වීක්ෂයක් මගින් ලබාගෙන ඇති මෙම ඡායාරූපවල කහ පැහැයෙන් පෙන්වන්නේ වෛරස් සමූහයක සැබෑ ස්වරූපයයි.

මේ අතර ආසාදිතයින් වාර්තා වන අප්‍රිකානු මහද්වීපයට අයත් පළමු රට ලෙස ඊජිප්තුව සැලකෙයි. ඒ, නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කිරීමත් සමගයි. කෙසේවෙතත් හමුවූ එකම ආසාදිතයාද විදේශිකයෙකු බව සඳහන්.

ආසියාවෙන් පිට පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන්

නව කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන අද වන විට 1,525 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් හමුවන රටවල් ලැයිස්තුවට අලුතින්ම එක්ව තිබෙන්නේ ඊජිප්තුවයි. ඒ අතර යුරෝපයේ පළමු මරණය ඊයේ (15) ප්‍රංශයෙන් වාර්තා විය.

නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 66,000 ඉක්මවා තිබෙන්නේ මරණ සංඛ්‍යාව 1,525 දක්වා ඉහළ නංවමින්. මියගිය පිරිස අතරින් 1500 කට ආසන්න පිරිසක්ම වූහාන් නගර වැසියන්. මරණ සංඛ්‍යාව පවතින්නේ, ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 2.3ක අගයකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.