කේන්ති ගන්නේ නැති අජිත් රෝහණ

ajith rohana

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට සිදුකරන සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි. සරසවි සිසුන් හමුවීමට ගිය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා හිටියේ තමන්ව කේන්ති ගැන්විය නොහැකි බවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ඉදි කරමින් සත්‍යග්‍රහයක නිරත වෙයි.

කෙසේවෙතත් මහජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලීසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.

කෙසේවෙතත් තවදුරටත් ඔවුන් එම ස්ථානයේ රැදී සිටිමින් විරෝධතාවයේ නිරත වන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඊයේ (29) එම ස්ථානයට පැමිණි විනය හා කල්ක්‍රියා නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.