
ගිහාන් පිලපිටිය විනිසුරුවරයාව අත් අඩංගුවට නොගන්නැයි නියෝගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වහාම නිකුත් කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. රන්ජන් රාමනායක හා සංවාදයේ යෙදුන ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අත්අඩංගුවට නීතිපතිවරයා කළ නියෝගය ඇතැම් නීතිඥවරු ප්‍රශ්න කරන අතරවාරයේ විමල් වීරවංශ ද විරෝධය පළ කිරීමට එක්ව සිටි.
“දැන් ගිහාන් පිලපිටිය විනිසුරුතුමාව අත් අඩංගුවට ගැනීම වහාම නොකර ඉන්නය කියන නියෝගය ජනාධිපතිතුමා දුන්නා. ඒක වෙන්න ඉඩ හැරියා නම් ඒක මේ රටේ අධිකරණ ක්ෂේත්රයේ බරපතළ වියවුලක්. මේ රටේ අධිකරණ පද්ධතිය කුඩු පට්ටම් කරන්න දීලා අපට ඉන්න බෑ. රංජන් රාමනායකලා ඒ අධිකරණය තුට්ටු දෙකට වට්ටපු එක ඇත්ත. ඒක බේරගන්න ඕනෙ බොහොම පරෙස්සමින්. ඒ වගකීම රජයක් හැටියට අපට තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.