
රනිල් වික්‍රමසිංහට හිතවාදී අලියා පිලෙන් ගාල්ලට නාමයෝජනා ලබාදුන් වජිර අභයවර්ධන හිටපු අමාත්‍යවරයා තම ආධාරකරුවන්ට මුව ආවරණ බෙදා දුන්නේ මේ ආවරණ පලදෙන්නේ මන්ද යන්න පිළිබඳව හරි වැටහීමක් නැතිව බව පැහැදිලිය.
මන්ද යත් ඔහු එක් අවස්ථාවක තමන් පැලඳ සිටි මුව ආවරණය තවත් කෙනෙකුට ලබා දෙයි. මේ පිළිබඳ අදහස් දක්වන මාධ්‍යවේදීන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය ඡන්දය ඉල්ලන්නේ කවර පදනමක් මට ද කියා ඔහුවත් නොදන්නා බවය.
එක්සත් ජාතික පක්ෂය වැනි අක්ෂයක් ඡන්දය ඉල්ලනවා වෙනුවට ඡන්දය ඉල්ලන තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව විචාරකයින් පෙන්වා දෙති.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය ඉල්ලීම ‘වජිර මුව ආවරණ බෙදුවා වගේ’ යන ප්රස්ථා පිරුළ ජනවහරට එක් වීමට ඉඩ තිබෙන බව මාධ්‍යවේදීන් පවසති.
මේ වන විට සජිත් ප්‍රේමදාසගේ පිල මුළුමනින්ම වාගේ එක්සත් ජාතික පක්ෂ බලකඳවුර තුළ තමන්ගේ බලය පිහිටුවාගෙන සිටිති.
දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති නොකර ගෙන මැතිවරණ ව්‍යාපාරයේ නිරත වීමට තාවකාලිකව එකඟතාවක් ඇති වී තිබේ. එහෙත් මනාප පොරේ පටන් ගත් විට මෙම සමගේ බිඳ වැටීමට ඉඩ ඇත.