වැඩ කළෙත් නැහැ හොඳ පණක් නැහැ – සරත් ෆොන්සේකා

sarath fonseka

එක්සත් ජාතික පක්ෂය පාක්ෂිකයින් රැකබලා නොගත් අතර නිසි ආකාරව වැඩ නොකළ බව සරත් ෆොන්සේකා පවසයි. එසේම කොන්ද කෙළින් තබාගෙන වැඩ නොකිරීම හේතුවෙන් පරාජය වූ බව ඔහු පවසයි.

ලක්ෂ 18 ක් ජන්ද ඇති ගම්පහ දිස්ත්‍රික්කයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කිසිත් නො කළත් ඔහු හඬා වැටී ගම්පහට යමක් කරන්නයි ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි බවත් පසුව සරත් කියා සිටියේය.

දීඝවාපියට ලක්ෂ 850ක් වෙන් කළ නමුත් පන්සල් වලට ප්‍රමාණවත් ලෙස ආධාර නොකළ බවයි සරත් ෆොන්සේකා පැවසුවේ. උතුරු නැගෙනහිරට බිලියන 63 ක් වෙන් කළ නමුත් ඒ මුදල් වියදම් කිරීමට නොහැකි වූ බැවින් රනිල් වික්‍රමසිංහ අසාර්ථක කළමනාකරුවෙක් වන බව ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේය. පොළොන්නරු දිස්ත්‍රික්කයට මුදල් විශාල වශයෙන් වෙන් කරමින් මෛත්‍රීපාල සිරිසේන සමග මධුසමය ගත කිරීමට තැත් කිරීම පක්ෂයේ පසුබැස්මට හේතුව බව සරත් ෆොන්සේකා පෙන්වා දුන්නේය.

හාමුදුරුවන්ට ගරහන. මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නට අකමැති පිරිස් සමග යා හැකි ගමනක් නැතැයි ෆොන්සේකා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.