ක්‍රිකට් ගොඩදාන්න මහේල, සංගා, රොෂාන් සහ සිදත්ගේ යෝජනා

cricket1

මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුනි ‘ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය’ යෝජනාවලියක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහාවිසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාර දී ඇත. ක්‍රීඩා සමාජ 85 ක් සතු ඡන්ද 147ක් හරහා පාලනය වන ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් පරිපාලන ව්‍යුහය වෙනස් කළ යුතු බවට රොෂාන් මහානාම හා සිදත් වෙත්තමුනි ඔවුන්ගේ යෝජනාවෙන් පෙන්වා දෙයි.

එක් පුද්ගලයෙකුට ක්‍රීඩා සමාජය චන්ද පාලනය කිරීමට ඇති හැකියාව නිසා ක්‍රිකට් ක්‍රීඩාව බොහෝසෙයින් අවිධිමත් වී ඇති බවයි විචාරකයෝ පෙන්වා දෙන්නේ.

ලංකාවේ ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි පිරිස කැබිනට් මණ්ඩලය මෙන්ම විශාල එකකි. ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල අවශ්‍යතාවයක් ඇතිබව පවසන හිටපු ක්‍රිකට් ක්‍රීඩා දැවන්තයෝ ‘තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත සාමාජිකයන්ට පමණක් ඡන්ද අයිතිය හිමිවන ලෙස’ ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය ක්‍රිකට්වලට දක්වා ඇති දායකත්වය මත තීරණය කිරීම සිදුකළ යුතු බව පවසති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ඡන්ද ක්‍රමය සහ ව්‍යුහය අනුව ඕනෑම අවස්ථාවක ඡන්ද හිමි සාමජිකයින් 147 ක් සිටියත්, පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය සමන්විත වන්නේ ඡන්ද හිමි සමාජික සංඛ්‍යාව 17 ක් දෙනෙකුගෙනි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්ද හිමි සාමාජික සංඛාව 18 කි, ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 42 ක් වන අතර, ‘ක්‍රිකට් ඔස්ට්‍රේලියා’ හි එය 22 ක් පමණක් බව සිය වාර්තාවෙන් හිටපු ක්‍රීඩකයන් විසින් පෙන්වාදී තිබේ.

හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා අරවින්ද ද සිල්වා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉහළ මණ්ඩලයක් (APEX Council) මගින් සිදුවිය යුතු බව යෝජනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.