කුමාර් ධර්මසේන විනිසුරුවා දැවී යයි

kumara dharmasena

ලෝක ක්‍රිකට් ශූරතාවය විනිශ්චය කළ කුමාර් ධර්මසේන සහ Marais Erasmus විනිසුරුවන් දෙපොල දැඩි දෝෂදර්ශනයට ලක් වෙමින් සිටිති. විශේෂයෙන්ම ඔවුන්ගේ තීරණය නිසා නවසීලන්තයට සාධාරණයක් සිදුවී ඇති බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙති නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ Martin Guptill ක්‍රීඩකයාගේ දැවීයාම පිළිබඳව කළ පසු විමසුමක දී පෙනී ගියේ එය වැරදි තීරණයක් බවයි.කුමාර් ධර්මසේන දුන්න තීරණය පසුව වෙනස් කරන ලදී.

ගාඩියන් පුවත්පත කියා සිටින්නේ කුමාර් ධර්මසේන තෝරා ගැනීම නිවැරදි තීරණයක් නොවන බවයි. Henry Nicholls සම්බන්ධයෙන්ද කුමාර ධර්මසේන ලබාදුන් තීරණයක් නිවැරදි නොවන බව සනාථ වී තිබේ.

අවසන් පන්දු වාරයේ

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර අවසන් මහා තරගයේ අවසන් පන්දු වාරයේ සිවුවන පන්දුවට ලකුණු 6ක් ලබා දීම නිවැරදි විනිශ්ච තීරණයක් බව ‍ක‍්‍රිකට් ප්‍රවීනයන් චෝදනා එල්ල කරයි. හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් සඳහන් කරන්නේ එහිදී ලබාදිය යුතුව තිබුණේ ලකුණු පහක් පමණක් බවයි.

පිතිකරුගේ පිත්තේ වදින අවස්ථාවේ ඔහු දෙවන දකුණු සම්පූර්ණ කර නොතිබූ නිසා එය පැහැදිලිවම විනිශ්චයකාරයා අතින් සිදුවූ වරදක් බව ද ඔහු සඳහන් කරයි. මෙම තීරණයත් සමග එංගලන්ත කණ්ඩායමට ලකුණු හයක් ලැබී ඉතිරි පන්දු දෙකේදී ලකුණු 03ක් ලබා ගනිමින් තරගය සම කලේය.

ඒ හේතුවෙන් යවන ලද සුපිරි පන්දුවාරයේදීද ලකුණු සම වීම හේතුවෙන් වැඩිපුර හතරේ පහරවල් එල්ල කරන ලද පදනම මත එංගලන්තයට ලෝක කුසලාන ජයග‍්‍රමණය හිමි විය.

කුමාර් ධර්මසේන ගම කයි

ගාඩියන් පුවත්පතේ පලවූ විචාරය සිංහලයෙන් නිවැරදිව පරිවර්තනය කළ හොත් නිවැරදි පරිවර්තනය විය යුත්තේ කුමාර් ධර්මසේන ගම කයි යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.