
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන ලද ක්‍රිකට් සම්මාන ලබා දීම පසුගිය 03 කොළඹදී පැවැත්වුනා. එහිදී, හොඳම ටෙස්ට් පිතිකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්මාන ලබාගත් අතර හොඳම පන්දු යවන්න බවට පත්වුණේ දිල්රුවන් පෙරේරායි හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ධනංජය ද සිල්වා සම්මාන හිමි කර ගත්තා.
හොඳම එක්දින පිතිකරු බවට කුසල් ජනිත් පෙරේරා සම්මාන හිමිකර ගත් අතර, එම කාණ්ඩයේ හොඳම පන්දු යවන්න ලෙස ලසිත් මාලිංගත්, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරා ත් සම්මාන හිමි කර ගත්තා. විස්සයි 20 කාණ්ඩයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඉසුරු උදාන සම්මාන ලබා ගත්තා.
වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දින ගත්තා. හොඳම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය සඳහා හිමිකම් කීවේ දිල්රුවන් පෙරේරායි.
වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක සම්මානයට පාත්‍ර වූ අතර කුසල් පෙරේරා, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ජාත්‍යන්තර එක්දින තරග අංශයේ සම්මාන දිනාගනු ලැබීය.
පසුගිය කාලය පුරාවට ඉසුරු උදාන දැක්වූ දස්කම් “දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා” සම්මානය හිමි වීමට හේතු විය. මෙහිදී මාලිංග නොකඩවා තෙවන වරටත් දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස තේරී පත්වීම කාගේත් දැඩි අවධානයකට ලක්විය.
විශේෂ සම්මාන අංශය යටතේ වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙස නොකඩවා දෙවන වරටත් තේරී පත්වීමට කුමාර් ධර්මසේන සමත් විය. ‘Lifetime Award’ සම්මානයෙන් කේ. එම්. නෙල්සන්, නුස්කි මොහොමඩ්, ලූෂන් මෙරිනේජ් සහ පර්සි අබේසේකර යන මහත්වරුන් පිදුම් ලැබීය. වසරේ කීර්තිමත් මුද්‍රිත ජනමාධ්‍යවේදියා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ශමිල් අමිට් මහතා වන අතර එහි විද්‍යුත් අංශයේ සම්මානය කමල් දේශප්‍රිය මහතාට හිමිවිය.
පෙරදා ගීතවත් වූ අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්