ලොව වේගවත්ම පන්දු යවන්නා අපේ රටේ

දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී ලොව වේගවත්ම පන්දුව යොමු කිරීමට ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක මතීෂ පතිරණ සමත්ව තිබේ.මතීෂට තවමත් 17 ක් වීමද විශේෂත්වයකි.

ඉන්දියාව සමග පැවැති තරගය ශ‍්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජය විය. නමුත් ඔහු විසින් සිව්වැනි පන්දුවාරයේ දී යැවූ පස්වැනි පන්දුව පැයට කි.මී. 175 ක වේගයකින් යැවූ බව වේග මාපක දර්ශකයේ සටහන් විය.ඒත් සමගම මෙතෙක් කල් ලොව වේගවත්ම පන්දු යැවූ පාකිස්තාන්යේ ෂොයිබ් අක්තාර්ගේ වාර්තාවද බිඳ වැටුණි.

අක්තාර් විසින් 2003 වසරේදී එංගලන්තයට එරෙහිව පැවති තරගයේ දී යවා ඇත්තේ පැයට කි.මී. 161.3 ක වේගයෙනි.

මතීෂ මහනුවර ත‍්‍රිත්ව විදුහල නියෝජනය කරයි. ඔහුගේ පන්දු යැවීම සමාන වන්නේ ලසිත් මාලිංගගේ ඉරියව්වටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.