ශ්‍රී ලංකාව අර්ධ අවසාන තරගයට ?

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණය නිසා තරගාවලියේ බොහෝ වෙනස්වීම් සිදුවිය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. පළමුකොටම ශ්‍රී ලංකාව තරඟාවලි ලකුණු ලැයිස්තුවේ එංගලන්තයේ ආසන්නයට පැමිණ ඇත.

අර්ධ අවසාන තරගයට ඇතුල්වීමට නම් ශ්‍රී ලංකාව ඉදිරියේදී සියලු තරග ජයග්‍රහණය කළ යුතුය. අනෙක් අතට එංගලන්තයට මේ පරාජය සමඟ ඉදිරි මග තවත් දුෂ්කර වනු ඇත.

එංගලන්තයට ඉදිරියේදී තරග සියල්ල අභියෝගාත්මකය. ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමගිනි. ශ්‍රී ලංකාව සියලු ඉදිරි තරඟ ජයග්‍රහණය කළහොත් අර්ධ අවසන් තරගයට ඉදිරිපත්වීමට ඉඩක් ලබා ගත හැකිය. එහෙත් මේ අවස්ථාව නියත වශයෙන්ම ලබාගත හැකි හැකිදැයි කිව නොහැක.

දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තරගවැදීමට නියමිතය. ලකුණු අනුපිළිවෙල අනුව ඉහලින්ම සිටින්නේ ලකුණු ලබාගන්න ඇතිව ඕස්ට්‍රේලියාවයි. නවසීලන්තය සහ ඉන්දියාව ලකුණු නමය බැගින් දෙවැනි හා තුන්වන ස්ථාන ලබාගෙන සිටිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.