ජනාධිපතියො, උඹ ගිරවෙක්

brazilජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන් උන් උඹව ගොදුරු කර ගන්නවා

කැරොලිනා;බ්‍රසීල ජනාධිපතිට…. (කැරොලිනාගේ දින පොත- අනු: සුනිල් මාධව)

” ඕනෑම දෙයක්, සෑම දෙයක්ම ලියන මම ලියමින් ඉන්නකොට ඉන්නේ ක්‍රිස්ටල් ජනේල,රිදී කැන්ඩ්ලියර් තියෙන රත්‍රං මාලිගාවක. මගේ ඇඳුම් උසස්ම සැටින්.මගේ හිසේ දියමන්ති පලඳනා දිලිසෙනවා. ලිවීම නවත්තල පොත පැත්තකට දැමුවම දිරාපත්වෙන බිත්ති ලෑලි හරහා එන කුණු ගඳ දැනෙන්න පටන්ගන්නවා.මීයො කකුල් උඩින් දුවනවා.මගේ සැටින් වැරහැලි බවට පත්වෙනවා. මගේ ඔලුවෙ දිලිසෙන එකම
දෙය වෙන්නෙ උකුණො.”

පුවත්පත් වාර්තාකරුවකු වූ ඔඩාලියෝ ඩාන්ටාස් විසින් බ්‍රසීලයේ මුඩුක්කුවක – ෆැවෙලාවක ජීවත් වූ මෙ⁣ම නූගත් නීග්‍රෝ ගැහැනියගේ දින සටහන් පිලිබඳ පුවත සොයා ගන්නාවිට ඇය සතුව සටහන් පොත් 26 ක් තිබිණි.

ඉතා ප්‍රවේසමෙන් ආරක්ෂා කරගෙන සිටි ෆවුන්ටන් පෑනකින් ලියු ඇගේ සටහන් පොත් වූයේ කසල ගොඩෙන් අහුලාගන්නා කඩදාසි කැබලිය. ඇගේ රැකියාව වූයේ සාඕ පාවුලෝ වීදිවල ඇවිදිමින් කඩදාසි ඇතුළු අබලි ද්‍රව්‍ය එකතු කොට විකිණීමයි.

කැරොලිනා ඇගේ කාලයේ් සහ පරිසරයේ නිර්මාණයක් වුවාය.

මෙම දින සටහන්වල ප්‍රධාන චරිතය වූයේ කැරොලිනා නොව කුසගින්නය. අනෙක් චරිත කුසගින්නේ ප්‍රතිවිපාක ලෙස පැනනැඟි ඒවා විය.

පසුකලෙක පොතක් ලෙස ප්‍රසිද්ධ කරන ලද කැරොලිනාගේ දිනපොත – Quarto de Despejo අලෙවි වාර්තා තැබීය.

පොතේ පිටපතක් මිලට ගැනීම සඳහා වාර්තාකරුවන් හා කැමරා පිරිවරාගෙන
පැමිණි රජයේ සෙනෙට් සභිකයෙකුගේ පොතේ කැරොලිනා මෙසේ සටහන් තැබුවාය: ‘ මම පතනව ඔබලා දුප්පත් ජනතාවට අවශ්‍ය දේ ලබාදෙයි කියල. බදු සල්ලි ඔක්කොම ඔබලගෙ සාක්කුවට දමාගන්න එක නවත්තන්න. මෙයට හිතවත්, කැ⁣රොලිනා ඩී මාරියා ජීසස්.’ 😃😃😃

පසුවදනින්…..

ඇගේ පැතුමට අනුව ෆැවෙලාවෙන් ඉවත්ව නව නිවසක් වෙත යාමේ අවස්ථාව උදාවී ඇත්තේ පොතේ සාර්ථකත්වයත් සමඟය. ඇගේ සාර්ථකත්වය පිළිබඳ ඊර්ෂ්‍යා සහගත වන ඇගේ් සමහර අසල්වැසියන් ඉවත්ව යාම සඳහා නගරසභාවෙන් සපයා දෙන ලද ට්‍රක් රථය ගල් ප්‍රහාරයකට ලක්කර ඇත.

පසු කලකදී තම පොතෙන් ලැබිය යුතු ආදායම නොලද ඇය ඔඩාලියෝ විසින් නොසලකා හැර ඇත්තේ අයුක්ති සහගත ලෙසය. එහෙත් ඒ වන විට Quarto de Despejo භාෂා ගනනාවකට පරිවර්තනය කර තිබුණි.

අවසානයේදී ඇය දිනපතා පැය දෙකක බස් ගමනකින් පසු සාඕ පවුලෝ වෙත පැමිණියේ තම පැරණි රක්ෂාව වූ කඩදාසි සහ අබලි ද්‍රව්‍ය එකතු කර විකිණීම සඳහාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.