සේකර මතකයෙන්

mahagama-sekaraදිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය.

ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූතියක් ද සේකර  සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූතියකි.

”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.

sekara

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.