ආසාදිත සංඛ්‍යාව 233 අලුත් රෝගීන් දාහතරක්

Corona

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු හමුවීමත් සමගම ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙක් ද, පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙක්ද , මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 4 දෙනෙක් සහ තවත් නිරෝධායන මධ්‍යස්ථානයකින් එක් අයෙකු වශයෙන් ආසාදිතයන් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

විදෙස්ගත ශ්‍රමිකයින්ට පහසුකම්
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම කාර්යාංශයේ කම්කරු සුභසාධක අරමුදලේ ප්‍රතිපාදන භාවිත කරමින් විදේශීක ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුභසාධන අංශ වෙත මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති බවයි.

එම විදේශ දූත මණ්ඩල අතරට අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුවද අයත් වෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24ම ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනීමට හැකියාව ඇති බවත් ඒ හරහා ඉදිරිපත් වන ගැටළුවලට අදාළ රටවල තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශ හරහා විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

කොරෝනා වෛරස් ආසාදනය නොමැති රටවල්
මේ වන විට ලොව පුරා රටවල් හා කලාප 210 ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරස් ආසාදනය (14දා ) වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 14ක පැතිර ගොස් නොමැති බව අනාවරණය වී තිබේ .මෙසේ මෙතෙක් එකදු කොරෝනා වෛරස් ආසාදිතයෙකුවත් හඳුනාගෙන නොමැති රටවල් වනුයේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි කොමරොස් රාජ්‍යය ,දකුණු දිග අප්‍රිකාවේ පිහිටි ලෙසොතෝ ,පැසිෆික් දුපත් ,කිරිබැටි රාජ්‍යය හා නිදහස් රාජ්‍යය සමුහය(මාෂල් දුපත්,මයික්‍රොනීසියා ,පලාවු),නවුරු ,සැමෝවා දුපත් ,සොලමන් දුපත් ,ටොංගා ,ටුවාලු ,වැනුවාටු ,උතුරු කොරියාව ,මධ්‍යම ආසියාවේ පිහිටි ටර්ක්මෙනිස්ටානය හා ටජිකිස්ථානය යන රටවල්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.