කොරෝනා ආසාදිත සංඛ්‍යාව අනුව එකක් දක්වා ඉහළට

Anil Jasinghe

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඊයේ රාත්‍රියේදී රෝගීන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර අද (23) ආසාදිතයින් පස් දෙනකු වාර්තා වී තිබේ.

මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලංකාවෙන් හමු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක
ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති සාධනීය පියවර වල වාසිය ලබා ගන්නවා ද එසේත් නැත්නම්හි ටිහැටියේ වෛරස ආසාදන අර්බුදය උත්සන්න වූ ඉතාලිය, ස්පාඤ්ඤ, ජර්මනිය වැනි රටවල් වැටුණු උගුලට ශ්‍රී ලංකාවට වනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ ඉදිරි දින කිහිපය තුළ සිදු වන දෙය අනුවය.

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු ගාල කඩා ගත් හරක් රැලක් සේ දිව ගියහොත් මෙම උගුලට වැටීම අනිවාර්යවේ අනිවාර්ය වේ.

මේ පිළිබඳව සටහනක් තබන කසුන් අමරසිංහ
කොරෝනා ප්‍රස්තාර ගැන බයිටෝක් දෙන මහා විශ්ලේෂක උන්දැලටයි, හෙට ගාල කඩාගෙන කඩේ දුවන්න ලෑස්ති වෙන උන්දැලටයි මේක පැහැදිලි නොකලොත් හිතට හරි නැති නිසා කියල දාන එක හොඳයි කියල හිතුණා.

අපි දැන් ආසාදිත රෝගී වක්‍රෙ පාත්වෙලා ගිහිං හරි ආතල් එකේ ඉන්න යන්නෙ කියල කට්ටිය කියනවනෙ. අපි තවත් රටවල් 16 කට වඩා ඉහල අගයක් පෙන්වන බව. ඒත් අපි තාම ඉතාලිය වගේ වැඩි වුණේ නෑ! එහෙම උනේ නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ දැන් අවදානමක් නෑ කියල. ඇයි? මොකද එක එක රටවල් එක එක අවස්ථා වලදි තමා වැඩි වෙන්න ගන්නෙ. චීනය, ඉරානය, ඉතාලිය, ද. කොරියාව මුලදිම එකපාරට වැඩි උනා. ඩෙන්මාර්කය වගේ රටවල් ටිකක් දුර හෙමීට ගිහිල්ල වැඩි වුනා.

සමහර රටවල් ගොඩාක් දූර හෙමින් ගිහිල්ලා එක පාරට වැඩි වෙනවා. ඒ අතීතයේ කරන ගොංකම් වල ප්‍රතිඵල විදියට. අපි කරපු ගොංකම් මොනවද? හොරෙන් පැනපු ඉතාලි සෙට් එක, හොරෙන් පැනපු ජර්මන් ගිය මුදලාලි, මැච් එකට ගිය පයිලට්, ඉතාලියෙන් ආපු පාදිලි, දඹදිවින් ආපු උපාසකයො, ඇඳිරිනීතිය දාන්න කලිං හතරවටේ වාත වෙච්ච උන්, බඩගින්නෙ මැරෙන්න ගිහිං පරිප්පු ගත්තු උන්දැලැ, තිබහෙ මැරෙන්න ගිහිං අරක්කු, පෙට්‍රල්, ඩීසල් බීපු උන්දැල, වගේ මෙලෝ චාරයක් නැතුව හැසිරිච්ච සිදුවීම් වල ප්‍රතිඵල ලැබෙන්නෙ තව ඉස්සරහට. දැන් හෙටත් ගාල කඩං ගියොත් ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නෙ ඊටත් පස්සෙ.

නිකං කිව්වට වඩා හොඳයිනෙ ප්‍රස්ථාරෙකින්ම ඕක පෙන්නන එක. පල්ලෙහා බලන්න, අපි දැන් ඉන්නෙ 12 වෙනි දවසෙ (ඔක්කොම රටවල් 12 ක ඒගොල්ලන්ගෙ මුල් දවස් 30 තමා පෙන්වන්නෙ). දැන් මම පෙන්වනවා 12 වෙනි දවසෙ ඉන්නකොට “අපිටත් වඩා අඩු අගයක්” තිබ්බ රටවල් 11 කට ඉදිරි දවස් 18 ඇතුලතදි මොකෝ වුණේ කියල. ඒ රටවල් ටික කොළ පාටින් පෙන්වනවා. ඒ රටවල් 11 ටම වඩා වැඩි අගයක ඉන්න ලංකාව රතු පාටින් පෙන්වනවා (තාම ඉන්නෙ 12 වෙනි දවසෙ නිසා තමා 12 වන දවසින් ඒක නැවතිලා තියෙන්නෙ). දැන් බලන්න අපිටත් වඩා පහලින් තිබ්බ රටවලට ඉදිරියේදි වෙලා තියෙන දේ? හිතල බලන්න ඉදිරි දවස් 18 ඇතුලෙදි ආසාදිතයො දහස් ගාණක් හම්බෙන්නම උන්ට කෙළවුණා නම් අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද කියල? ඒ රටවල එවුනුත් උන්ගෙ 12 වෙනි දවසෙදි සතුටු වෙවී ඉන්න ඇති (මොකද අපිටත් වඩා අඩු අගයකනෙ ඉඳල තියෙන්නෙත්). උන් වැටිච්ච වලේම අපිත් වැටෙනවද? නැත්නම් ගෙවල් වලට වෙලා ඉන්නවද? මීට වඩා තේරුම් කරන්න ක්‍රමයක් මට තේරෙන්නෙ නෑ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.