කොරෝනා වෛරසය මුව ආවරණය මත පැය 12 ක් ජීවත්වේ

corona

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කරන මුව ආවරණ වෛරසය පැතිරවීමේ තවත් එක් මාධ්‍යයක් විය හැකි බැවින් එය විධිමත් ලෙස බැහැර කිරීමට භාවිතා කරන්නන් කටයුතු කළ යුතුව ඇතැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ (01 වැනිදා) සඳහන් කළේය.

මුව ආවරණය පෘෂ්ඨය මත පැය 12ක පමණ කාලයක් මෙම වෛරසය නොනැසී පැවතිය හැකි බවත් සඳහන් කළ හෙතෙම එය විධිමත් ලෙස බැහැර නොකළ හොත් තවත් අයට එය වැළඳීමේ හැකියාව පවතින බව ද පැවසීය. එහෙයින් මුව ආවරණ තමන් විසින්ම විනාශ කිරීම හෝ වළ දැමීමට කටයුතු කරන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එසේම මෙම මුව ආවරණ තැන තැන දමා යෑම හේතුවෙන් අමතර පාරිසරික ගැටලූ‍ රැුසක් ද පැනනැගී ඇති බවත් උපුල් රෝහණ මහතා කීවේය. දිරාපත් වන ද්‍රව්‍යවලින් මුව ආවරණ සාකසා ගැනීමට කටයුතු කරන මෙන් ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.