ලිංගික රෝග ඇති අයට විශේෂ නිවේදනයක්

Sexual

රට තුළ පවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවලක් සකස් කර තිබේ.

ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00 සිටි මධ්‍යහන 12.00 දක්වා ඖෂධ නිකුත්කිරීම හා සේවා ලබාදීම සිදු කරන බව ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහ පවසයි.

කේසේවෙතත්, තමන්ට නියමිත සායනය වෙත පැමිණීමට අපහසු පුද්ගලයින්ට තමාට ළඟම සායනයට පැමිණීමට හැකි බවද ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදනය වූ වැඩිහිටියන් තුන් දහස් පන්සීයක් පමණ සිටිති.
ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග රෝග වශයෙන් සිපිලිස්,* ගොනෝරියා,* ලිංගික ඉන්නන්.* ලිංගික හර්පීස් සහ ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ හඳුනාගෙන තිබේ. මින් සිපිලිස් සහ ගොනෝරියා තත්ත්වය ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස අඩු වී තිබෙන බව වෛද්‍ය රසාංජලීහෙට්ටිආරච්චි හෙළිදරව් කළාය.

ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම තියෙන්නේ ලිංගික හර්පිස් සහ ලිංගික ඉන්නන් කියන ඒවා. සිපිලිස් කියන එක ලිංගික ආශ්‍රිත රෝග වලින් 8% ක් පමණත් ගොනෝරියාත් 3%ක් විතර තිබෙනවා. ලිංගික ඉන්නන් කියන තත්ත්වය 25%ක් විතර. ලිංගික හර්පීස් සහිත රෝගීන් තුන්දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා. ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ සහිත රෝගීනුත් දෙදහස් ගණනක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ 27%ක් විතර.

පවතින තත්ත්වයන් යටතේ මේ පිරිස ප්‍රතිකාර ලබා නොදුනහොත් ඔවුන් ඉතා අසීරු තත්ත්වයකට පත්විය හැකිය. පහත සඳහන් දුරකථන අංකයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය. 011 26 67163

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.