ශ්‍රී ලංකාවේ පොල් බූරුවන්ගේ සංඛ්‍යාව 1589 දක්වා ඉහළට

arrest

ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවය. මීට අමතරව එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ මොහොතේ කොරෝනාව පාලනය කිරීමේ ප්‍රධාන මාර්ගය වන්නේ බෝවීමේ සම්ප්‍රේෂණ ජාලය බිඳ දැමීමයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තරම් කොරෝනාව පැතිර ගිය පොත් මිනිසුන් මිය යනවා ඇත්තේ කොරෝනාව නිසා නොව ප්‍රතිකාර කිරීමට නොහැකි වීම නිසාය.

ඇදිරි නීතිය දමා ඇති විට මහමග සැරිසරන පොල් බූරුවා කරන්නේ එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා සක්‍රීය ලෙස දායක වීමයි.

ඩෙන්මාර්කයේ මරණ 24 යි දොරටු වසයි

කොරෝනා වයිරසය මැඩලීම සඳහා ඩෙන්මාර්කයට අප්‍රේල් 13 දක්වා ඇතුළු වීම සහ පිටවීම තහනම් කර, හුදකලා නගරයක් කිරීමට රජය පියවර ගෙන ඇත.

මාර්තු 11වන දින සති දෙකක් ඩෙන්මාර්කයට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබූ අතර එය, අප්‍රේල් 13 දක්වා දීර්ඝ කර තිබේ.

සියලුම පාසැල්, ආපන ශාලා සහ පොදු ස්ථාන වසා දමා ඇති අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට ද නිවසේ සිට රැකියාව කරන ලෙස නියෝග කර තිබේ. ඩෙන්මාර්කයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ 24ක් වාර්තා වේ.

කොරෝනා වෛරසය හෝමාගමතරුණයින් අත්නොහරියි

කොරෝනා වෛරසය වියපත් පුද්ගලයන්ට මෙන්ම තරුණයන්ට ද අනතුරුදායක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි. එහෙත් නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත.

චීනය අනුගමනය කළ සාර්ථක ක්‍රමවේදය සිහිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාෂස් මේ බව පැවසීය. කොවිඩ් නයින්ටීන් රෝගය සම්බන්ධයෙන් තත්ත්වය පැහැදිලි කරමින් ගේබ්‍රියාෂස්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යහමුවක් සිවිස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.