තාජුදීන් ඝාතනය කිරීමේ සිද්ධියට බලපෑම්………..

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂවරුන් බලපෑම් කළ බවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට බලපෑම් කළ බව නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හිටපු පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතා පවසයි.
සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද කොළඹදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මීට ඉහතදී ද පවසා තිබුණේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි සිදු කළ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් තිදෙනකු රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුදීන්ගේ මරණය සිදු කිරීමට සම්බන්ධ බවයි. පසුව එම මරණය අනතුරකින් සිදු වූවක් ලෙස පෙනෙන්නට සලස්වා තිබූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී සඳහන් කළේ.
අමාත්‍යවරයා ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ තාජුදීන්ගේ ඝාතනය සිදු කරන ආකාරය, ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් ‘දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන’ ආරක්ෂක කැමරා (CCTV)දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, මේ සිදුවීමට හවුල් ප්‍රභූ පවුලක සාමාජිකයන් ළඟදී ම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්ය.