ශෙහාන් කරුණාතිලකට බුකර් සම්මානය…

ශෙහාන් කරුණාතිලකට බුකර් සම්මානය…

ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයෙන් පිදුම් ලබා ඇත.

බුකර් සම්මානයට පාත්‍ර වී ඇත්තේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන ‘සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා’ (Seven moons of Mali Almeida) ය.

මාලි අල්මේදා – යුධ ඡායාරූප ශිල්පියෙක් මෙන්ම, සූදු ක්‍රීඩකයෙකි. මරණයෙන් පසු ඔහු අවදි වී ඇත.

ඔහුගේ කැබලි වූ සිරුර ශාන්ත බේරේ වැවේ ගිලෙමින් පවතින අතර ඔහුව ඝාතනය කළේ කවුරුන්ද යන්න පිළිබඳව ඔහුට අදහසක් නැත. ඝාතක කල්ලි, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ කුලියට ගත් මැරයන් පිරුණු රටක වැසියෙක් වන මාලි අල්මේදා අන්දුන් කුන්දුන් වෙයි.

ඔහු වැඩිපුරම ආදරය කරන පිරිමියා සහ කාන්තාව සම්බන්ධ කර ගැනීමට සහ ඔවුන්ව ශ්‍රී ලංකාව සොලවන ඡායාරූප වෙත යොමු කිරීමට ඔහුට වර හතක් ඇත.

ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ,1992 වසරේ ‘ඉංග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) කෘතිය වෙනුවෙනි.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි. දැන් ඔහු තවත් පියවරක් ඉදිරියට තබා ඇත.

Related Articles