අන්තර් ජාලය  හරහා  සරසවියට එන්න….

අන්තර් ජාලය හරහා සරසවියට එන්න….

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ 2021/2022 සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ යුතු බවයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ ශිෂ්‍ය අත්පොත සැප්තැම්බර් 2 වැනිදා දිවයිනේ තෝරාගත් පොත් අලෙවිසල් වෙත බෙදාහරින බවත්, එම පොත් මිලදී ගත හැකි ස්ථාන පිළිබඳ තොරතුරු සැප්තැම්බර් 4 වැනිදා ජාතික පුවත්පත්වල පළ කරන බවත් ඔහු පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවන පුවත්පත් දැන්වීම එදිනම ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළේය.

සැප්තැම්බර් 5 වනදා සිට අයදුම්පත් භාර ගන්නා අතර අයදුම් පත් එවීම සඳහා සති තුනක කාලයක් ලබා දෙනු ඇත. “අයදුම්පත් භාරදීමේ අවසාන දිනය සැප්තැම්බර් 23 වේ. ඉල්ලුම්පත්‍ර භාරදීමේ අපහසුතාවයක් ඇත්නම් 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත හැක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානයට 0112695301 / 0112695302 ඇමතීමෙන් ද සහය ලබා ගත හැකියි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය අමරතුංග මහතා අවධාරණය කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානය සතියේ දින හතේම පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව පවතින බවයි. සති තුනක අයදුම් කිරීමේ කාල සීමාව තුළ, සහ මේ වසරේ සිසුන් 42,519 ක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවයි.

අන්තර් ජාලයට ප්‍රවේශ වීමට නොහැකිවීම හේතුවෙන් සරසවියට ඇතුල්වීමට නොහැකි වූ ඉහළ සුදුසකම් ලැබූ සිසුන් පිළිබඳව පසුගිය අවුරුදුවල වාර්තා විය.

Related Articles