උපාය දුතිය හඬා  වැටේ – විදුහල්පති  අල්ලස් චෝදනාවෙන්  නිදහස්….

උපාය දුතිය හඬා වැටේ – විදුහල්පති අල්ලස් චෝදනාවෙන් නිදහස්….

අහංගම ශාරීපුත්‍ර විද්‍යාලයේ පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුලත් කර ගැනීම සඳහා ඇගේ පියාගෙන් රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි එහි හිටපු විදුහල්පතිවරයා අපුරු ආකාරයකට නිදහස ලබා ඇත.

නඩුවේ පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙන අතරතුර උපාය දුතිය වශයෙන් කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරිණීය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දීගත නොහැකිව හඬා වැටී ඇත. නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා මේ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විත්ති වාචක නොකැඳවාම විදුහල්පතිවරයා සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

මේ නඩුවට අදාළ සිදුවීම් පිළිබඳව අල්ලස් කොමිසමේ අවධානය යොමුවිය යුතුව තිබෙන බව මාධ්‍ය වේදීහු පෙන්වා දෙති.

Related Articles