ගාලු මුව දොර  වාර්තා කරුවන්ට  පහරදීම පිළිබඳව  ජාත්‍යන්තර  අවධානය…

ගාලු මුව දොර වාර්තා කරුවන්ට පහරදීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය…

කොළඹ පැමිණ සිටින BBC මාධ්‍යවේදී එතිරාජන් අන්බරසන් තමන් සහ වීඩියෝ මාධ්‍ය යවේදියා ගාළු මුවදොරදී අතවරයට ලක්වූ ආකාරය වාර්තා කිරීමෙන් අනතුරුව සිදුවීම දැඩි ජාත්‍යන්තර අවධානයට ලක්වෙමින් පවතී.

මේ ඔහු ගේ වාර්තාවයි :

මධ්‍යම රාත්‍රියෙන් පසු කොළඹ පිහිටි උද්ඝෝෂණ භූමියට හමුදා භට පිරිස් කඩා වැදීමට ඉඩ ඇති බව දැනගත් විට අපි ජනාධිපති කාර්යාලය ඉදිරිපිට එම ස්ථානයට ගියෙමු.

වැඩි වේලාවක් යන්නට මත්තෙන්, දැඩි සන්නද්ධ සොල්දාදුවන් සහ කැරලි මර්දන ආම්පන්න සහිත පොලිස් කමාන්ඩෝ භටයන් සිය ගණනක් මුහුණු වසාගෙන දෙපැත්තකින් එම ස්ථානයට පැමිණියහ.

විරෝධතාකරුවන් ඔවුන්ගේ පැමිණීමට විරෝධය පළ කළ විට, ආරක්ෂක නිලධාරීන් ඔවුන් වෙත ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර දැක්වීය. විරෝධතාකරුවන් පසුපසට තල්ලු විය.

තත්පර කිහිපයක් ඇතුළත, පදික වේදිකාවේ ඇති කූඩාරම් සහ වෙනත් ද්‍රව්‍ය සොල්දාදුවන් කෑ ගසමින්, කඩා බිඳ දමමින් විනාශ කරන අයුරු අපි දුටුවෙමු.

පසුගිය සතියේ අතිවිශාල ජනකායක් විසින් කඩා වැදුණු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද භට පිරිස් ගමන් කළහ.

අරගලකරුවන් මීට පෙර කියා සිටියේ සිකුරාදා පස්වරුවේ ගොඩනැගිල්ල භාර දෙන බවයි. අපි සොල්දාදුවන් පසුපස යද්දී, ඔවුන් ඔවුන්ගේ මාර්ගයේ සිටි සියල්ලන් ඉවත් කරන ආකාරය අපට දැකගත හැකි විය.

විරෝධතාකරුවන් මීටර් 100 ට වඩා අඩුවෙන් නම් කරන ලද විරෝධතා ස්ථානයටකට ගාල්කොට ඇති අතර අරගලයේ ක්‍රියාකාරීන් නැවැත්වීම සඳහා වානේ බාධක දමා ඇත.

අපි එම ප්‍රදේශයෙන් ආපසු එමින් සිටියදී, සිවිල් ඇඳුමින් සැරසී සිටි හමුදා භට පිරිසක් වටකරගත් පුද්ගලයෙක්, මගේ සගයාට කෑ ගසමින්, ඔහුගේ දුරකථනයෙන් වීඩියෝගත කළ දර්ශන මකා දැමීමට අවශ්‍ය බව කීවේය. තත්පර කිහිපයකින් ඔහු මගේ සගයාට පහර දී ඔහුගේ දුරකථනය උදුරා ගත්තේය.

අපි මාධ්‍යවේදීන් බවත් අපි අපේ රාජකාරිය කරන බවත් මම ඔවුන්ට පැහැදිලි කළත් ඔවුන් සවන් දුන්නේ නැත. ඔවුන් මගේ සගයාට තව දුරටත් පහර දුන් අතර ඒ පිළිබඳ අපි දැඩි විරෝධතාව පළ කළෙමු.

තවත් බීබීසී සගයකුගේ මයික්‍රොපෝනය උදුරාගෙන එයද ඔවුන් විසි කොට දැමු අතර, දුරකථනයෙන් වීඩියෝ දර්ශන මකා දැමීමෙන් පසු දුරකථනය ඔහු නැවත ලබා දුන්නේය. තවත් හමුදා නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් අපට එම ස්ථානයෙන් පිටතට ඒමට හැකියාව ලැබුණි.

මගේ සගයා කම්පාවට පත් වූ නමුත් මීටර් සිය ගණනක් දුරින් පිහිටි අප නැවතී සිටි හෝටලයට ආපසු පැමිණිමට අපට හැකිවිය. ප්‍රහාරය සම්බන්ධයෙන් හමුදාවෙන් සහ පොලිසියෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට බීබීසීය උත්සාහ කළ නමුත් කිසිවෙක් අපගේ ඇමතුම්වලට පිළිතුරු දුන්නේ නැත.

Related Articles