ගුවන් හමුදාවේ අංගම්පොර  සංචිතයක්…..

ගුවන් හමුදාවේ අංගම්පොර සංචිතයක්…..

ලොව පැරණිතම සටන් කළාවක් වන අංගම්පොර සටන් කළා සංචිතයක් පිහිටුවීමට ගුවන් හමුදාව කටයුතු කරමින් සිටී. සීතාවක රාජ්‍ය සමයේ සටන් පෙළපත වු කොරතොට ආරච්චිවරුන්ගේ පරපුරෙන් පැවත එන අජන්ත මහන්තආරචිචි මහතා පුහුනුවීම් කරමින් සිටී.

මේ වන විට ගුවන් භටයින් හතලිස් දෙනෙක් පමණ පුහුණුව ලබා ඇත.

මෙම සටන් කළාව 1505-1948 වසරවල මේ රට පාලනය කළ ඉංග්‍රිිසින්ට හා ලන්දේසීන්ට අභියෝගයක් පැවතීම හේතුවෙන් 1818 වසරේ ඔක්තෝබර් මස 06 දින ඉංග්‍රිසින් විසින් මෙම කළාව සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර, අංගම් කළාව එසේ තහනමට ලක් වී අද (06) දිනට වසර 204 සපිරේ.

උඩරට ගිවිසුමෙන් එනම් 1815 දී ඉංග්‍රිසීන් හට සිහලය අයත් වීමෙන් පසු අංගම් කලා ශිල්පයට උදා වූයේ අශුභ කාලයකි. අංගම් ශිල්පයට භාවිතා කරනු ලබන අවි ආයුධ, ශිල්පය පුහුණු කරවීම ද තහනම් කරන ලදී. එම තහනම් පිළිනොපැද්දොත් මරණීය දණ්ඩනය ලබා දීමටද නියෝග කරන ලදී. මෙම හේතුවෙන් අංගම් ශිල්පීන් රහසිගත වන අතර තමන් ශිල්පය පුහුණු වූ සටන් මඩු ඉංග්‍රිසීන් විසින් විනාශ කරන ලදී. මෙම තත්ත්වය හමුවේ ශිල්පීන් වන ගත වී රහසිගතව තම පරම්පරාවට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කළ අතර එහිදී යම් යම් නව සටන් උපක්‍රම මෙම ශිල්පයට එකතු කර ඇත.

වර්ෂ 1818 දී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයක් මඟින් මෙම කලාව තහනමට ලක් කරන ලදී. එවිට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව සඳහන් වේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසින් විසින් යටත් කර ගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්විණි. එය පුහුණු වුවහොත් දණ හිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිණි. එසේ වුවත් සිංහලයන් රහසිගතව මෙම සටන් කලාව ප්‍රගුණ කළහ.

එකී කාරණා හේතුවෙන් මෙම සටන් කලාව අප්‍රකට රහස් ශිල්පයක් ලෙසට පැවතුණි.

හමුදා පුද්ගලයකු හට අවි ආයුධ පුහුණුව මෙන්ම ආත්ම ආරක්ෂක සටන් පුහුණුව ප්‍රගුණ කිරීම ඉතා වැදගත් බවත්, මෙම සටන් කළාව හැදිරීම තුලින් අවි ආයුධ පරිහරණය කිරීමට අපහසු ස්ථානයක දී හෝ අවියක් නොමැති අවස්ථාවකදී වුවද මහජන ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව ඇති බව ගුවන් හමුදාව පවසයි.

Related Articles