ජානකි සහ තිලිණි – එක ගලෙන්  කුරුල්ලෝ  දෙන්නෙක්…..

ජානකි සහ තිලිණි – එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්…..

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව මීට කලකට පෙර කතා බහක් ඇතිව තිබින . ඇයගේ මුල්‍ය අපචාර පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවී තිබින . එහෙත් හදිසියේම තිලිණි ප්‍රියමාලි පිළිබඳව විමර්ෂණ ආරම්භ වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමඟය.

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනය අහම්බයක් නොව ක්‍රමානුකුලව සිදුවෙන දේශපාලන මෙහෙයුමක එක පියවරක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

තිලිණි -ජානකී ප්‍රධාන කොටස් දෙකක් සමඟ ගනුදෙනු කොට ඇති බව හෙළිදරව් වෙමින් පවතී . පලමු කොටස නම් අප්‍රකට ජාවාරම්කාර ධනවතුන්ය, දෙවැන්න පොහොට්ටුවේ දේශපාලකයින්ය.

ඇය අත්අඩංගුවට ගත් විගස ඇයගේ ගනුදෙනු හා තම පවුලේ සම්බන්ධයක් නැති බව පවසමින් නිවේදනයක් නිකුත් කිරීමට රාජපක්ෂවරුන්ට සිදුවිය.

අත් අඩංගුවට ගෙන සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන බොහෝ ගනුදෙනු වලදී නාමල් රාජපක්ෂ සමඟ ගනුදෙනු කොට ඇත.

ජානකී සිරිවර්ධන නම් ව්‍යාපාරිකාව පසුගිය රාජපක්ෂ රෙජීමය සමඟ ඉතා සමීපව කටයුතු කළ බවත් ඉන්දියාවේ මහදේවන් සමාගමේ (ක‍්‍රිෂ් ලංකා සමාගමේ මව් සමාගම) හිමිකරුවන් මෙරට ආයෝජනය සඳහා කැඳවාගෙන තිබුන බව මාධ්‍යවේදී සුබාෂ් ජයවර්ධන වාර්තා කර තිබින.

තිලිණි ප්‍රියමාලි හරහා ජානකී සිරිවර්ධන ගනුදෙනු කළ දේශපාලනඥයින්ගේ තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ජානකී විසින් ක්‍රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක (apartments) තුනක් ලබාදීමේ ගනුදෙනුවක් පිළිබඳව මාධ්‍ය වාර්තා පලවී ඇත.

මේ හෙලිදරව් වල වාසිය ලැබෙන්නේ කාටද යන ප්‍රශ්නය දැන් මතුවී තිබේ. මෙම හෙළිදරව් මාධ්‍ය තුලින් සමාජගත කිරීමට මාධ්‍ය මෙහෙයුමක්ද ජව ගැන්වී ඇත්තේ දේශපාලන මෙහෙයුමට සමාන්තරවය.

Related Articles