ජැකාට  මොකද වුනේ ?

ජැකාට මොකද වුනේ ?

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කල අතර මේ වන විට ඇන්තනි මහතා කොළඹ ජාතික රෝහලේ
දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත .

කැබ් රථය උඩට වල් අලියා ඇද වැටී තිබෙන අතර වාහනයට ද දැඩි හානි සිදුව ඇත. ජැක්සන් ඇන්තනි සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අය ගේ ත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග දන්වා තිබේ. ජැක්සන් ඇන්තනීගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි

ප්‍රතිභා පුර්ණ කල කරුවෙක් වෙන ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු පිරිසක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර තවත් පිරිසක් ඔහුට විරෝධය පළ කිරීම සඳහා මෙය අවස්ථාවක් කොටගෙන ඇත .

විරෝධය පල කරන පිරිස ජැක්සන් ඇන්තනී පිළිබඳව විමසීමක් නොකර අලියාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් සිටිති . ජැක්සන් ඇන්තනී මහතා ඉතා දැඩි ලෙස මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි අතර පසුව තමන් නිහඬ වන බව කියා සිටියේය.

Related Articles