ඥානසාර හිමි උසාවි යන්නේ  නැතුව  විදෙස් ගත  වෙලා….

ඥානසාර හිමි උසාවි යන්නේ නැතුව විදෙස් ගත වෙලා….

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කලැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිට ගලගොඩඅත්තේ ඥානසාර හිමි විදෙස්ගත වී ඇත.

ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (14) වරෙන්තු නිකුත් කළාය. ඥානසාර හිමියන් යළිත් ශ්‍රී ලංකාවට පැමිනෙන විට අත් අඩංගුවට ගැනීමට ඉඩ ඇත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිතව අවුරුදු 19ක සිර දඬුවමක් වසර 06කින් ගෙවී යන ලෙස ලබාදීමට අභියාචනාධිකරණ නියෝග කල අතර පසුව ජනාධිපති සමාව ලබා දෙන ලදී.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක පෙත්සම අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබින.

උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් මත වසර 6ක සිරදඩුවමක් ලැබූ උන්වහන්සේ වසර 2 කට ආසන්න කාලයකින් පසු ව 2019 මැයි මස 23 දින ජනාධිපති සමාව මත නිදහස් කරනු ලැබිණ.

Related Articles