ඩෑන්  ගේ මල්ලී මර දැමුවේ ඇයි ?

ඩෑන් ගේ මල්ලී මර දැමුවේ ඇයි ?

අපේ ජන පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බව කියන ඩෑන් ප්‍රියසාද්ගේ මලණුවන්ගේ ඝාතනය සම්න්ධයෙන් පොලීසියේ තියුණු අවධානය යොමුවී තිබේ.

අධිකරණ නියෝග මත සෑම මසකම අවසන් ඉරුදින වැල්ලම්පිටිය පොලිසියේ පෙනී සිටින චූදිතයකු වු ප්‍රකාස් තිළිණ කුමාර( 34 ) නමැති අය කපා කොටා මරා දමා ඇත්තේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකි.

මේ වන විට හෝඩුවාවන් ලැබී ඇති බවත් ඉතා ඉක්මනින් සැකකරුවන් අත්අඩංගුවට ගත හැකිවනු ඇතැයි පොලීසිය ව්ශ්වාශ කරයි.

ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී සිදු කළ මෙම මිනීමැරුම සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානය යොමුවී ඇත්තේ මේ ආකාරයට විවිධ ඝාතන කණ්ඩායම් ක්‍රියාත්මක වුවහොත් එය නීතිය සහ සාමය රැකගැනීමට බාධාවක් විය හැකි හෙයිනි.

තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනාගේ ප්‍රහාරයට ලක්වූ ප්‍රකාස් තිළිණ කුමාර වැල්ලම්පිටිය මීතොටමුල්ල කලංසූරිය පටුමග පදිංචිව සිටි අතර ඔහු නිතර නගරයේ ගැවසුන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් කීපදෙනකු කීප දෙනකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත සිටින්නකු බවත් පොලිසිය කියයි.

සමාජ මධ්‍ය ඔස්සේ නිතර අදහස් දක්වන පසු ගියදා ඩෑන් ප්‍රියසාද් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අද අපරාධ පරීක්ෂන දෙපාර්ථමෙන්තුවට ඉල්ලීම් ඉදිරිපත් විය. ජාතින් අතර අසමගිය ඇති කිරීම සඳහා ඔහු ක්‍රියාකරිවූ බවයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුලු නීතිඥ කණ්ඩායමක් උසාවියට පෙන්වා දෙන්නේ.

ගාලු මුවදොර ගෝඨා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩෑන් ප්‍රියසාද් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී . පසුගිය දා ප්‍රියසාද් ගේ නිවසට ප්‍රහාර එල්ලවූ අතර ඔහු වරදක් නොකළ බවත් ජතියෙන් සමාව ඉල්ලා සිටියේය.

ප්‍රියසාද් ගේ මල්ලි සහ අක්කාටත් ප්‍රහාර වූ එල්ල වූ බව ඔවුන් කියා සිටියේ ඇසට දැමු පැලැස්තර සමගින්ය.

Related Articles