ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් වැඩි බව  පැවසූ උපුල් රෝහණ ඒ වෙනුවෙන් පෙනී සිටී…..

ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් වැඩි බව පැවසූ උපුල් රෝහණ ඒ වෙනුවෙන් පෙනී සිටී…..

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ යලිත් වතාවක් රජය බෙදා හරින ලද ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නැමති විෂ කාරකය, එහි අඩංගු විය යුතු ප්‍රමිතියට වඩා ඉහළ මට්ටමක ඇතැයි පවසා තිබේ.

තමන් කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ යළි තහවුරු කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශයක් සිදු කොට ඇත පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ දැනුම් දීමකට අනුව අද (සැප්තැම්බර් 23) ඔහු විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය.

කෙසේ වෙතත් කිසිසේත්ම ඇෆ්ලටොක්සින් මට්ටම වැඩි නිෂ්පාදන බෙදාහැර නොමැති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න අවධාරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙයට මාස එකහමාරකට පෙර නිකුත්කළ වාර්තා වලින් ඇෆ්ලටොක්සින් ඇති බවට එවැනි සොයාගැනීමක් සිදුකළ බවයි.

Related Articles