තිළිණි ප්‍රියමාලී මෙහෙයුම හෙළිදරව් වෙමින් පවතී….

තිළිණි ප්‍රියමාලී මෙහෙයුම හෙළිදරව් වෙමින් පවතී….

මුදල් වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලීගේ සුක්ෂම මෙහෙයුම් හෙළිදරව් වීමත් සමඟ බොහෝ දෙනා කලබලයට
පත්ව සිටිති.

මෙරට දේශපාලනඥයන් රැසක් සමග ඇය සමීපව ලබාගත් ඡායාරූප විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මේ ජාවාරම් සඳහා බොහෝ දෙනා දායක වී ඇති බව හෙළිදරව් වී ඇත්තේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500ක මුදලක් ලබා ගැනීම පිළිබඳව විමර් ශ නය කිරීමේදීය.

තිළිණිට විරුද්ධව ලොකුම වෙඩි මුරය පත්තු කරන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු විසිනි. ඔහු නමින් සත්තාර් නමැති අයෙකි. රුපියල් මිලියන 226ක් ඇගේ සමාගමේ ආයෝජනය කළ මේ ව්‍යාපාරිකයා ඇය තමාට මේ මුදල වංචා කරන බව දැන ගන්නේ ටික කාලයකට පසුවය.

කෝටිපති ව්‍යාපාරික සත්තාර් සේම කමල් හසන් නමැති තවත් ධනවතකුගේ මුදල් ද ඇය වංචාකර තිබිණි. මෙරටට ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය බව කියමින් ඇමෙරිකා ඩොලර් 60,000 ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් සහ රන් භාණ්ඩ කමල් හසන්ගෙන් වංචා කර තිබිණි.

රහත් වී ඇතැයි පවසන භික්ෂුවක් සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය තවත් ව්‍යාපාරිකයන් රැසක් රටවා ඇති බවත් හෙළිදරව් වී ඇත.

ඇය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි තම කාර්යාලයට මාසිකව ගෙවන රුපියල් දාහතර ලක්ෂයක කුලියට අමතරව තමන් කුලියට ගෙන සිටින තවත් නිවාස රැසකට මාසයකට රුපියල් ලක්ෂ දෙක තුන බැගින් මුදල් ගෙවා ඇති බවද හෙළි වන්නේ රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය.

කොළඹ සහ අවට සුපිරි නිවාස සංකීර්ණවල නිවාස ලබා දෙන බව කියමින්ද ඇය මුදල් වංචා කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය.

ආරක්ෂකයන් පිරිවරාගෙන ආරක්ෂක රථ පෙළක්ද සමඟ ගමන් බිමන් යමින් සමාජයේ බලවන්තියක ලෙස පෙනී සිටි මේ සුරුපිණීයට රැවටුණු කෝටිපතියන් දේශපාලනඥයන්, වෛද්‍යවරු, ධනවතුන්, නළුවන්, භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසකගෙන් ඇය වංචා කර ඇතිබව කියන මුදල රුපියල් කෝටි සියය ඉක්මවයි.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සමග සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන සුරූපි රංගන ශිල්පිනියකගෙන් ද සැකකාර කාන්තාව රුපියල් කෝටි 10ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබේ.

එමෙන්ම පසුගිය කාලයේ රටේ දැඩි කතාබහට ලක් වූ භික්ෂුවක් ද සිය අධි සුඛෝපභෝගී ජීප් රථය සැකකාරිය වෙත හිතවත් කම මත ලබාදී ඇති අතර පසුව ඇය එය රුපියල් කෝටි 3කට වෙනත් අයෙකුට අලෙවි කල බව භික්ෂුන් වහන්සේට අරන්චිවීමත් සමඟ උන්වහන්සේ දැඩි ලෙස ක්‍රියාත්මකවී මුදල් ලබාගෙන ඇත.

රුපියල් මිලියන 226කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන්, තිළිණි ප්‍රියමාලි නම් සැකකාරිය මේ වන විට රිමාන්ඩ් ගතකොට ඇත.

Related Articles