දවස්  හතරක්  බඩගින්නේ -සහල්  කිලෝ තුනක් හොරකම්  කළා -අත්අඩංගුවේ….

දවස් හතරක් බඩගින්නේ -සහල් කිලෝ තුනක් හොරකම් කළා -අත්අඩංගුවේ….

මේ පුවත වාර්තා කිරීමේදී මතුවෙන ප්‍රධාන ගටලුව් වන්නේ දින තුනක් තිස්සේ තම දරුවන් සමඟ බඩගින්නේ සිටි පුද්ගලයෙක් අන් අයට හොරෙන් හාල් කිලෝ තුනක් තම ස්න්තකයට ගැනීම හොරකමක්ද නැද්ද යන කාරණයයි. සාමාන්‍යයෙන් පැමිණිල්ලක් විභාග කළ පොලිස් නිලධාරියා අදාළ මුදල ගෙවා ‘හොරා ‘ නිදහස් කර යවන්නේ නැත.

එහෙත් බොරැල්ලේ සිදුවුයේ එවැන්නකි.

වෙළඳසැලේ ආරක්ෂකයින් පොලීසියට පැවසුවේ පුද්ගලයෙක් සහල් කිලෝග්‍රෑම් 03 ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොරකම් කළ බවයි. බොරැල්ල පොලීසිය මගින් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනින. පැමිණිල්ල විභාග කෙරින,

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පොලීසියට පැවසුවේ දරුවන් දෙදෙනා දින හතරක් තිස්සේ ආහාර නොමැතිව හාමතින් පසුවන බවයි. ඔවුන්ගේ කුසගින්න නිවා දැමීම සඳහා මෙම භාණ්ඩ සොරකම් කළ බව ඔහු පැවසීය.

ඇසු කථාව නිසා තරුණ උප පොලිස් පරීක්ෂකවරයාට නීතිය අමතක විය. පැමිණිල්ල විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා අදාල භාණ්ඩවල වටිනාකම ගෙවා දමා සැකකරු නිදහස් කොට ඔහු හාල් කිලෝ තුනත් රැගෙන නික්ම යන ආකාරය බලා සිටියේය.

Related Articles