දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්……

දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්……

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ 120කට වඩා වැඩි ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට ඖෂධ සැපයීම් අංශය කඩා වැටී ඇති බවයි. රට පුරා රෝගීන්ගේ රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ 40කට අධික සංඛ්‍යාවක් සිදු කළ නොහැකි තත්වයකට වෛද්‍ය පර් යේෂණ ආයතනය පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය පහසුකම් සදහා ලැබී ඇති ණය සහ ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂම බව නිසා අපතේ යමින් ඇති බවයි. සෞඛ්‍ය අර්බුදයට හේතුව ආර්ථික ගැටලුවට වඩා අකාර්යක්ෂම බව සහ තාක්ෂණික මාෆියාවන්ට යට වීම බවද ඔහු සඳහන් කළේය.

Related Articles