නන්දලාල්  ගෙදර යයිද?

නන්දලාල් ගෙදර යයිද?

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආණ්ඩුවේ ලොකු තැන අතර තිබෙන ශීතල යුද්ධය දැන් එළිපිටට ඈවිත් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් තමා ඉවත්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ ශීතල යුද්ධය ඔඩු දිවීමේ ප්‍රතිපලයක් ලෙසිනි අද (2) පැවසීය.

ඔහු ඉවත් නොකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේ ඔහු ඉවත් කිරීමට වැඩපිලිවලක් ක්‍රියාත්මක වන බව දැනගෙන විය හැකිය. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපති තනතුරට පත් කරන් ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසිනි . තමන් සහ රනිල් වික්‍රමසිංහ අතර ගැටළුවක් නැති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට පෙර නිවේදනයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් ඊයේ (31) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට සහභාගී වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ රටේ පවතින අර්බුදය විසඳීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත්, අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සිදුවන බව තමා විශ්වාස කරන බවයි.

මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14-15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ.

ආනයනය සීමාකිරීම මගින් පසුගිය වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1.3කට අඩු කරගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වීරසිංහ මහතා ඒ මගින් බෙහෙත්, ඛණිජ තෙල් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට හැකි වූ බව පැවසීය.

Related Articles