පහන් තුඩා  රති වීඩියෝවෙන්  කාම වෙළෙඳ රැල්ලක්….

පහන් තුඩා රති වීඩියෝවෙන් කාම වෙළෙඳ රැල්ලක්….

පහන්තුඩාව ඇල්ල අසල රමණයේයෙදුන යුවල අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ පිළිබඳව සොවාදයක් මතු වූ අතර මෙවැනි වීඩියෝපට නිෂ්පාදනය කොට ජාත්‍යන්තර මට්ටමේ කාම වෙබ් අඩවි වලට එක්‌ කිර්රීමෙන් මුදල් හොයා ගැනීමට උත්සාහ කරන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි වෙබ් මාධ්‍ය පර්යේෂකයින් පවසන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පහන්තුඩාව ඇල්ල අසල යුවලක් රමණයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝව ‘Pornhub’ වෙබ් අඩවියේ පළ අතර කෙටි කාලයක් තුල එවැනි වීඩියෝ ගණනාවක් පලවූ අතර මේ අශ්‍රිතව නිෂ්පාදන කණ්ඩායම් බිහිවී ඇත බව පෙනෙන්නට තිබේ.

‘Pornhub’ යනු ලිංගික දර්ශන සහිත වීඩියෝ (පෝර්න්/Porn) අඩංගු වෙබ් අඩවියකි. යමෙකුට අනන්‍යතාව තහවුරු කළ ගිණුමක් ඔස්සේ තමන්ගේම වීඩියෝ පළ කළ හැකිය. අනන්‍යතාව තහවුරු කළ ගිණුම් හිමියන් වෙත නැරඹුම් වාර (Views) අනුව මුදල් ගෙවීමක් සිදුවේ.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ “අසභ්‍ය ප්‍රකාශන” බෙදා හැරීම වරදකි. පොදු ස්ථානවල ‘අශෝභන ලෙස හැසිරීම’ ද දඬුවම් ලැබිය හැකි වරදකි.
පොලීසිය විසින් ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ පට නිෂ්පාදනය කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇතත් මෙම ව්‍යපාර යේ බෙදා හැරීම රටින් පිට සිදුවී සහ මුදල් ලබා ගැනීම විදේශ ගත පුද්ගලයින් ගේ බැංකු ගිණුම් හරහා සිදු කරන හෙයින් නීතිය ක්‍රියාත්මක කිරීම අසීරු වී ඇත.

ලිංගික දර්ශන ඇතුලත් පට වීඩියෝ නිෂ්පාදනය නියාම කොට එම කර්මාන්තය නිදහසේ කරගෙන යාමට ඉඩ දිය යුතු බව තර්ක කරන පිරිසක් ද සිටිති.

Related Articles