පා  පහරින් මරු දුටු දුම්රිය  නියාමක වරයා ගේ අවසන්  මොහොත…

පා පහරින් මරු දුටු දුම්රිය නියාමක වරයා ගේ අවසන් මොහොත…

එල්. එල්. දිසානායක දුම්රිය නියාමකවරයා බීමත් මගියෙකුගේ පා පහරින් බිමට වැටී කොඳු ඇටය බීදී මියගියේ මිනිසත් බව කෙලසන නොමිනිසුන් සිටින බව පසක් කරමිණි.

කොළඹ කොටුව සිට කන්කසන්තුරෙයි බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ නියාමක වරයාට කැලණිය පසුකරද්දී මැදිරියකින් කලබලයක සේයාවක් මතුවෙන බව දැක ගත හැකි විය.

එල්. එල්. දිසානායක මහතා යනු රාජකාරියේදී පසු නොබසින කාරුණිකයෙකි. හඬ නැගුන වායු සමීකරණය කළ දුම්රිය මැදිරිය වෙත ගිය ඔහුට දැකගත හැකි වුයේ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකි. ඒ වන විටත් ඔවුන් රතු කට්ටේ මායිමට ළඟ වී සිටියහ. වේලාව මැදියම් රැයට ළඟාවෙමින් තිබුන අතර දහසකට අධික පිරිසක් මැදිරි තුළ තෙරපෙමින් සිටියහ. දුම්රියේ ආරක්ෂාව භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරියා ලෙසින් ටිකට් පත් පරීක්ෂා කරන නිලධාරීන් හට මේ බෙබේලා බනින විට ඔහුට නිහඬව බලා සිටිය නොහැකි විය.

දිසානායක මහතා සමඟ සිටි අනෙක් ආරක්ෂක නිලධාරියාත් සමග මැදිරියට ගිය ඔහු දුම්රිය මැදිරියේ මත්පැන් පානය නොකරන්නැයි අදාළ පුද්ගලයින් දෙදෙනාට අවවාද කළේය. එහෙත් මේ බීමත් මගින් අවවාදයට ප්‍රතිචාර දැක්වුයේ පරුෂ වචනයෙනි. තත්වය උණුසුම් විය.

නිලධාරීන්ට පහර දීම…

අසභ්‍ය ලෙස මෙම පුද්ගලයින් දුම්රිය ආරක්ෂක නියාමකවරුන්ට බැන වදිමින් නිලධාරීන්ට පහර දීමට උත්සහ කළහ.

ඒ මොහොතේදීත් දුම්රිය නිලධාරීන් හිතුවේ බීමත් මගීන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳවය මේ පුද්ගලයින් දෙදෙනා දුම්රියෙන් එළියට විසිවීම වලක්වා ලීම සඳහා නිලධාරීන් උත්සාහ කල අතර දිසානායක ගියේ දකුණු පස දොරටුව වැසීමටයි. හරි වැරැද්ද පිලිබඳ මායිම තීරණය කිරීමට තරම් ශික්ෂණයක් නොතිබූ එක ම්ගියක් වේගවත් පහරක් එල්ල කළේය.

මේ වනවිට දුම්රිය පැයට කිලෝ මීටර් 70 ක පමණ වේගයෙන් ගමන් ගනිමින් තිබු අතර එළියට විසිවුණු දිසානායක ගේ කොඳු ඇටය බිදී ඔහු මිය ගිය බව මරණ පරීක්ෂනයේදී අනාවරනය විය.

පොලීසිය පැමින වඳුරඹ දුම්රිය ස්ථානයත් කීනවල දුම්රිය ස්ථානයක් අතර අතර වගුරු බිමක දිසානායක මහතා ගේ නිසල මල සිරුර හොයා ගන්නා විට දුම්රිය මගීන් බීමතුන් දෙදෙනාගේ වෙරි බස්සවා ලීමට කටයුතු කොට තිබුනේ ගුටි සත්කරයකිනි.

අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ශශිකා ලක්මාලි දිසානායක සැකකරුවන් දෙදෙනා අගෝස්තු මස දෙවැනි දින දක්වා රිමාන්ඩ් කලාය. බීමතුන් ගෙන් එක් අයෙකු යුද හමුදා සේවයේ නිරත වූවෙක් වන අතර අනෙකා දුම්රිය කැන්ටිමක් පවත්වාගෙන යන්නෙකි.

තම සගයාගේ සුසනයට පැමිණි දුම්රිය සේවා සගයින් දිසානායකයන් ගැන බොහෝ යහපත් දේ කියා සිටියහ. පුරා තිස් හත් වසරක් දුම්රිය සේවාවේ යෙදී සිටි දිසානායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ බටහිර තුර්ය වාදක කණ්ඩායම් නායකයාය. දක්ෂ ලීඩ් ගිටාර් වාදකයෙකි, සේවා පැසසුම් රැසක්‌ ලබා ඇති විනය ගරුක නිලධාරියෙකි.

Related Articles