පොලිසිය  නොමග යැවු අපුරු  කොස්තාපල්…..

පොලිසිය නොමග යැවු අපුරු කොස්තාපල්…..

පානදුර උතුර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරියේ නියුතුව සිටි කොස්තාපල්වරයෙකු පොලීසිය වෙත ලැබෙන පැමිණිලි විභාග කළ බවට ව්‍යාජ සටහන් සහ පැමිණිලිකරුවන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කලයක් තිස්සේ පොලීසිය නොමග යවා ඇත.

සිද්දිධිය හෙළිදරව් වුනේ පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලී මෝල්හිමියකු විසින් බැන වැදුණු බව පවසමින් පානදුර උතුර පොලීසියට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව පැමිණිලිකරු විසින් කළ කරුණු දැක්වීමක් හේතුවෙනි.

සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා මේ ගැන හොයා බැලු විට පැමිණිලිකරු විසින් පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා බවට කොස්තාපල්වරයා විසින් ව්‍යාජ සටහන් දමා අත්සන් කර ඇති බවයි.

කොස්තාපල්වරයා මීට පෙර හතර වතාවකදී මෙසේ කල බව හෙළිදරව් කරගත් සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කළේය.

Related Articles