මැටරඹ කපුවා ගේ දෙවොලට රාමසැර  වැදුන හැටි….

මැටරඹ කපුවා ගේ දෙවොලට රාමසැර වැදුන හැටි….

මැටරඹ කපුවා පෙනී සිටියේ දෙවියන් ගේ දකුණු අත ලෙසිනි, වමත වුයේ දුෂිත නිලධාරීන් හා නිරන්තර බියෙන් පෙළුන දේශපලඥායින්ය. වම් අතට නිරන්තරයෙන්ම දකුණ වුවමනා වූ අතර මැද සිටියේ මැටරඹ කපුවාය. වම දකුණ සම්බන්ධීකරණය කරන බව පිනවමින් ඔහුට ඕනෑම දෙයක් කල හැකිවිය.

දෙවොල් බිමේ වැඳ නර පනුවන්ට පිදු මුදල් හදල් රන්, රිදී ආදිය පමණක් නොව, ගෙවල් දොරවල් යාන වාහන ආදිය ද ‘පඬුරු’ මැටරඹ කපුවාට ප්‍රමාණවත් නැති බව බොහෝ දෙනා දැන සිටියත් එය ප්‍රසිද්ධ රහසක් සේ රැකුනා හැරෙන්නට කිසිත් සිදුවූ යේ නැත.

එහෙත් එක් දවසක දැවැන්ත රමසරයක් වැදින.

උණවටුන මැටරඹ සතර මහා දේවාලයේ සුදු මහත කපුවා හට දෙවියන්ට සමාන ප්‍රතිරූපයක් මවා ගැනීමට හැකිවූ නිසා කිසිදා තමාගේ නිල මැදිරියට අනවසරයෙන් කවුරුන් හෝ ඇතුල් නොවනු ඇති බව ඔහු විශ්වාස කල බවයි ඔහුගේ ආවතේවකරුවෙක් ලංකා නිව්ස් ලයින් වෙත පැවසුවේ.

දේවාරූඬ වන මැටරඹ කපුවා ගේ සෙල්ලම් කීපදෙනෙක් දැනගෙන සිටියත් කපු මහතා සිය ඇඟ සුඟ ළෙලවමින් ආශිර්වාද පූජා පවත්වද්දී බැතිමතුන් උස් හඬින් නැගු සාධුකාරය තැනින් තැනින් නැගුන මන්ද විරෝධය යටපත් කරන්නට සමත්විය.

කීර්ති කුමාර බටගොඩ නම්වූ හතලිස් හතර හැවිරිදි කපුවා ආරක්ෂකයින් නම දෙනෙක් පිරිවරා ගෙන ජීවත් වුයේ හිත තුල නිරන්තරයෙන්ම පැනනැගී ඇති අනාරක්ෂිත බව නිසා ඔහුට එරෙහිව සාමකාමී උද්ගෝෂණයට එක්වූ හිමිනමක් ලංකා නිව්ස් ලයින් වෙබ් අඩවිය වෙත පැවසීය.

කපුවා ගුරුහරුකම් සිදු කළ පාතාල කෙරුමන් ගැනද උණවටුනෙන් දැනගන්නට ලැබින. මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ගෝලයකු වූ කැවුමා මරණයෙන් බේරී සිටීම සඳහා වෙඩි නොවදින සුරයක් සකසා දීම සඳහා ලක්‍ෂ 30ක මුදලක් කපුවාට ගෙවූ බව පළාත් වාසීන් පවසති.

දකුණේ පාසල්වලට පොත්පත්, නිල ඇඳුම්, බෑග්, සපත්තු අදියෙන් පටන්ගත් සමාජ සත්කාරය බයිසිකල් ලැප්ටොප් දක්වා වැඩි කලා. ළමයි එකිනෙකාට හොරෙන් මෙයා ළඟට ගියා. විශ්ව ශක්තියෙන් ළමයි විභාගයෙන් පාස් කරවන බව කියපු නිසා දරුවන්ව මෙයා ළඟට යනවට දෙමව්පියෝ අකමැත්තක් දැක්වුවේ නැහැ .විභාග කාලෙට ශාන්ති කර්ම පවත්වන කොටත් ළමයි ගෙන්වා ගන්නවා’ යැයි උණවටුනේ වෙළෙඳ සල් හිමියෙක් පැවසීය.

විශ්ව ශක්තියෙන් මෙන්ම අධ්‍යාත්මික ශක්තියෙන් ද පොහොසත් යැයි පුරසාරම් දෙසු බටගොඩ මුල්‍ය ශක්තියෙන් පිරිපුන් බව ඔප්පු කළේ ගාල්ලේ සහ අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුට අයත් සුවිසල් නිවාස දෙකක් ඉදිකිරීමෙනි.

කීර්ති කුමාර බටගොඩ තමන්ගේ අසම්මත ලිංගික හැසිරීම් වලින් පවා මුදල් උපයා ගත්තේ ගාල්ල ප්‍රධාන පෙළේ විදුහලක සිසුන් පිරිසක් ලිංගික අපචාරවලට පොළඹවා ගනිමින් එම දර්ශන වීඩියෝ ගතකර පිටරට යවන ජාවාරමකිනි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ පරිගණක අපරාධ කොට්ඨාසය හා එක්ව හෙළිදරව් කරගත් තොරතුරුවලට අනුව මෙම කපුවා විසින් ලිංගික අතවර පිණිස යොදාගත් පාසල් සිසුන් වෙත රුපියල් තිස් දහස බැගින් ගෙවා තිබෙන අතර දැනට ලිංගික අතවරයන්ට ලක්වූ සිසුන් නම දෙනෙක් හඳුනා ගෙන ඇත.

ගාල්ලේ පිරිමි විදුහලක සාමාන්‍ය පෙළ හදාරන සිසුවකු හට මුදල් ලබාදී ඔහුගේ මාර්ගයෙන් අනෙක් සිසුන් ගෙන්වාගෙන එම අපචාරය සිදුකරන අතරවාරේ එම සිසුවාට අයත් ජංගම දුරකථනය පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් පසු වැඩේ පත්තුවූ අතර පොලීසියට මේ පිළිබඳව නිර්නාමික ලිපියක් ලැබින.

සිසුන් පැවසුවේ තම විදුහලේ වෙනත් ශිෂ්‍යයකු විසින් ඔවුන්ව දේවාලය සමීපයේ පිහිටි කපුවාගේ නිවසට රැගෙන ගොස් ඔවුන් සමග ලිංගිකව හැසිරුණ බවත්ය. තෝරාගත් සිසුන් අතුරුගිරිය නිවසේදී ලිංගිකව අපයෝජනය කොට ඇත.

ලිංගික අපයෝජනයේ සජීවී දසුන් කපුවා ප්‍රකෝටිපතියකු බවට පත්කරද්දී එයට සමාන්තරව ඩිජිටල් සාක්ෂි ගොනුවෙන බව මැටරඹ කපුවාට මතක් වුනේ නැත.

ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාර අංශය භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනාරත්න මහතා දරුවන් වෙතින් හොයාගත් ජංගම දුරකතන වල තිබු ‘වට්ස්ඇප්’ දසුන් සියුම්ව නිරීක්ෂණය කරන්නට විය. ගාල්ලේ පිහිටි ප්‍රධාන පාසල් තුනක ළමයින් කිසියම් පුද්ගලයෙකු විසින් ලිංගික ක්‍රියා සඳහා යොදාගෙන ඇති බව වට්ස් ඇප් ජාල විමර්ශනයෙන් හෙළිදරව් විය .

ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරය මැකු දත්තද යළි ස්ථාපනය කරගත්තේය.

මැටරඹ කපුවා ඔහුගේ ජංගම දුරකතනයේ ඇති වට්ස්ඇප් ඔස්සේ මෙම පාසල් දරුවන්ට දුරකතන ඇමැතුම් දෙමින් විවිධ අවස්ථාවලදී ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබා ගන්නා ආකාරයත් දුරකතනය ඔස්සේ එම දරුවන් ලිංගික ක්‍රියාවල යෙදෙන ආකාරයේ හැසිරීම් සහිත දර්ශන ගෙන්වා ගන්නා ආකාරයත් ගෙන ඇති බව ය.

එම නිරුවත් දර්ශනවලට පෙනී සිටින දරුවන්ගේ සිරුර සහ අඟපසඟ කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමෙන් පසු ඔහුගේ සිතට එම දරුවා ගැන යම් සතුටක් ඇති කරන්නේ නම් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා උදවු කරන බවට ත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන බව ත් කියමින් එම දරුවන් සිය නිවසට ගෙන්වා ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාර පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවිය .

සුපිරි බස් රියක් තුල කෙරුණ ලිංගික අපචාර මෙන්ම සිය නිවසේ දෙවියන්ට වෙන් කළ කාමරය තුළත් පාසල් දරුවන් ලිංගික අපයෝජනයට ලක් කොට තිබින.

කපුවා නින්දට යනතුරු ආරක්ෂකයින් ඔහු අසලම රැඳෙන බවට කරුණු හොයාගත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරන ලදී.

කපුවා ප්‍රබලයෙක් වූ බැවින් අභියෝගයට ලක් කිරීමට අසීරු ඩිජිටල් සාක්ෂි අතැතිව පොලීසිය මැටරඹ දේවාලය වෙත යද්දී ඔහු වෙනුවෙන් පෙනේ සිටි පොලිස් ලොක්කන්ට කියන්නට දෙයක් ඉතිරිවී තිබුනේ නැත.

මියගිය සිය පියාගෙන් ලද ශක්තියෙන් දේව වැඩ කරන බව කියන මොහු සියලු සෙත්ශාන්ති, ගුරුකම් කරනු ලබන්නේ දේවාලය පවත්වාගෙන යන නිවසේ මිදුලේ සකස් කර ඇති පියාගේ සොහොන මත සිට බව ද වාර්තා වේ.

පොලිසිය බැතිමතුන් පිරිසක් ලෙස දේවාලයට අතුල්වුහ.

කපුවා තනිකොට අත්අඩංගුවට ගැනීම පොලිස් සැලසුම විය. මේ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් ලොක්කෝ කලබල වන බව ඔවුන් ඉවෙන් මෙන් දැන සිටියහ. කපුවා නින්දට යන තුරු ම ඔහුගේ ආරක්‍ෂකයන් ඔහු වටා සිටිමද ගැටලුවක් විය.

රහස් පොලීසිය ඊට පිළියමක් කල්පනා කළහ. කපුවා නිදා ගැනීම සඳහා යන දෙවියන් වඩින දෙවියන්ගේ කාමරයට ඇතුළු වීම ආරක්‍ෂකයන්ට තහනම්ය. රහස් පොලිස් නිලධාරීහු ආරක්‍ෂකයන් කපුවගෙන් වෙන් වෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියහ.

සිවිල් ඇඳුමෙන් සැරසුණු රහස් පොලිස් නිලධාරීන් දෙවියන්ගේ කාමරයට ඇතුළු වන විට සුව නින්දේ සිටි කපුවාට තමන් අමතන්නේ කව්දැයි හිතාගත නොහැකි විය මන්ද යත් දෙවියන්ගේ කාමරය හැමට තහනම් අඩවියකි.

“කපු මහත්තයෝ නැඟිටින්න…”
දෙවියන්ගේ කාමරයට වැඩියේ සී.අයි.ඩී. එකෙන් යැයි පැවසු විට කීර්ති බටගොඩ විමතියට පත් විය. කපුවා වහාම අසවලාට දැනුම් දෙන්නැයි ආරක්‍ෂකයන්ට දුන් නියෝගය වහාම ක්‍රියාත්මක විය.

‘සර් සී.අයි.ඩී. කියලා කට්ටියක් මෙහාට පැනලා කපු මහත්තයාව ගෙනියන්න හදනවා ”

දෙවියන් ගේ නියෝජිතයා අත්අඩංගුවට ගැනීමට සමත් ජගතා කව්රුන් දැයි සිතු පොලිස් නිලධාරීන් කීප පොළක්ම වැඩේට ඇත ගැසූ නමුත් ඒ වන විට ප්‍රමාද වැඩිය බලපෑම්වලට යටත් නොවී කපුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉහළින්ම දන්වා තිබින.

රහස් පොලිසියේ ඉහළ නිලධාරීන්ට දුරකතන ඇමතුම් දෙමින් කපුවා අහිංසකයෙකු බවත් ඔහු සමාජයේ වැදගතෙකු බවත් පවසමින් ඔහු මුදා ගැනීමට දැඩි උත්සාහයක යෙදුන පොලිස් නිලධාරීන් කව්දැයි සමාජයට හෙළිදරව් කිරීමේ වගකීම දැන් පැවරී ඇත්තේ දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණටය.

ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙක් පොලිස් -පොලිස් සංවාදය සනිටුහන් කරන්නේ මෙසේය.

“අපි සාක්කිත් එක්ක තමයි මිනිහව ඇරෙස්ට් කළේ…”

උසස් රහස් පොලිස් නිලධාරියකු ඔහුට කීවේ ය.

“එහෙනම් ඔය සිද්ධිය මීඩියා එකට දෙන්න එපා.”

“මාධ්‍යයෙන් ගියොත් මිනිහාගේ ප්‍රතිරූපය විනාශ වෙනවා. ඔය මිනිහාගේ තරහකාරයෝ කරන වැඩ. ඔයගොල්ලන්ටත් මිනිහගෙන් ඕන උදව්වක් කරගන්න පුළුවන් හොඳ මිනිහා…”

“ඒක කරන්න එපා. අපි මිනිහව උසාවි දානවා. උසාවියට කියලා ඇපයක් ගන්න බලන්න.”

“එහෙනම් උසාවියට දානකම් මිනිහව ඒසී කාර් එකේ තියාගන්න පුළුවන් ද?” ඒ කිසිත් හරි ගියේ නැත.

සැකකාර කපුවා වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලිසියට භාර දීමෙන් අනතුරුව ඔවුන් විසින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කර තිබිණි. මහෙස්ත්‍රාත් අධිකරණය සැකකාර කපුවා රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

Related Articles