යහපාලනයේ ‘ වින්දිතයින්ට’ වන්දි ලබා දීමේ සැලැස්මක්….

යහපාලනයේ ‘ වින්දිතයින්ට’ වන්දි ලබා දීමේ සැලැස්මක්….

2015 සිට 2019 නම් යහපාලන ආණ්ඩුව මගින් ආරම්භ කරන ලද විවිධ විමර්ශන හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් වලට වන්දි ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවා ගැනීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කරමින් සිටිති.

මේ සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදදේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සමයේදීය. කෙසේ වෙතත් රාජපක්ෂ මහතා තම තනතුරෙන් හදිසියේම ඉවත්වීමට සිදුවූයෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ගැනීමට නොහැකි විය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවක් මගින් මෙම වින්දිතයින්ට වන්දි ලබාදීම බව තීරණය කොට ඇත එම කමිටුවේ ප්‍රධානියාව සිටියේ හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාය.ඔහුට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ ජනාධිපති නීතිඥ කේ එන් චොක්සි සහ හිටපු විගණකාධිපති වරයෙක් වන එම් මේ ස්වර්ණජෝති යන මහත්වරුකමිටුවේ සමාජිකයින් ලෙස කටයුතු කොට ඇත.

මෙම නිර්දේශ අනුව නිළධාරිනි විසි හත් දෙනෙකුට රුපියල් ලක්ෂ හතේ සිට මිලියන විසිපහ දක්වා වූ වන්දි මෙම වන්දි ලැබීමට නියමිතය මේ පුද්ගලයින් අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හිටපු අධ්‍යක්ෂ ජනරාල් පියදාස කුඩා බාලගේ , හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට ,මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න දිවි නැගුම අධ්‍යක්ෂ කින්ග්ස්ලි රණවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතුළු පිරිසක් සිටිති ඔවුන් හට ලැබිය යුතු මුළු වන්දි මුදල රුපියල් මිලියන එකසිය දහයකි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමය තුලදී මෙම වන්දි මුදල ගෙවීමට සිදු වුවහොත් ඒ දෛවෝපගත කාරණයක් වනු ඇත .යහපාලනය සමයේ විවිධ නිලධාරින් සම්බන්ධයෙන් පියවර ගැනීමට මූලික වූ එක් අයෙක් වන්නේ වර්තමාන ජනාධිපති වරයා වූ රනිල් වික්‍රමසිංහය.

Related Articles