රනිල් ජනපති -දිනේෂ් අගමැති ?

රනිල් ජනපති -දිනේෂ් අගමැති ?

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපති තනතුරට පත්වන්නේ තීරණාත්මක ගැටළුවක්ත මන්ගේ වාසියට හරවා ගත හැකි බව සනාථ කරමිනි.
අනෙක් අතට වර්තමාන පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂවරුන්ට තවමත් බලපැමක් කල හැකි බව සන්නත වී තිබේ.

ඩලස් අලහප්පෙරුමට සහයෝගය දෙන බව පැවසූ ඇතැම් පිරිස් එසේ කටයුතු නොකොට ඇති බවක් නෙන්නට ඇති බවත් මන්ත්‍රීවරුන් මුදලට අලෙවි වූ  බවට සැකයක්  ඇති බව  ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

දිගින් දිගටම  මැතිවරණ  වලින් පරාජය  වූ රනිල් වික්‍රමසිංහ, ජනාධිපති තනතුරට  පත්ව ඇත්තේ  දේශපාලන  උපායේ හසළ  බව පෙන්නුම්  කරමිනි.

පාර්ලිමේන්තුව තුල දිව්රුම්  දීමට  අවස්ථාවක්  ලබා දෙන  මෙන්  නව  ජනාධිපතිවරයා  කථානායක  වරයා ඉල්ලා සිටියේය.

රනිල් වික්‍රමසිංහ සහ අරගල කරුවන් අතර දැඩි පරස්පරයන්  තිබෙන  අවස්ථාවක  ඔහුට මේ පරස්පරය  සමහන් කොට ඉදිරියට  ගමන්  කිරීමට සිදුවනු ඇත.

මීලඟ පත්  කිරීම වන  නව   අගමැතිවරයෙක් වන අතර  ජනාධිපති  වික්‍රමසිංහ  විසින් ඔහුගේ පාසැල්  මිතුරා වන දිනේෂ්  ගුණවර්ධන  පත් කිරීමට ඉඩ ඇත.

Related Articles