රාජ්‍ය  මාධ්‍ය  දැඩි  මුල්‍ය  අර්බුදයක….

රාජ්‍ය මාධ්‍ය දැඩි මුල්‍ය අර්බුදයක….

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනී සංස්ථාවේ සේවකයින්ට අගෝස්තු මාසයේ වැටුප තවමත් ලබාදීම නොදීම හේතුවෙන් එහි සේවකයන් විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතනද වැටුප් ගෙවීමේ අර්බුදයකට මුහුණ පා සිටිති. හිටපු මාධ්‍ය ඇමති ඩලස් අලහප් පෙරුම සහ දැනට සිටින මාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන යන දෙදෙනාම මීට පෙර කියා සිටියේපාඩු ලබන රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කරන බවයි. එහෙත් දැනට පවතින තත්වය අනුව එවැන්නක් සිදුව නැත.

ලේක්හවුස් ආයතනය සඳහා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපතී ඇතත් ඒ සඳහා මුදල් හොයා ගැනීමේ මගක් සම්පාදනය කිරීම් දුෂ්කර වී ඇත.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තමන්ගේ ප්‍රාදේශීය සේවා බදු දීමේ සුදානමක සිටී.

රාජ්‍ය මාධ්‍ය සතු ඉඩම් විකිණීම තවත් යෝජනාවකි. වැඩසටහන් අධික ලෙස දේශපාලනීකරණය වීම, අධික සේවක පිරිස්, සහ දේශපාලනීකරණය වූ දුර්වල කලමනාකරණය මෙන්ම මාධ්‍ය වෙළඳපල ජයගත නොහැකිවීම රාජ්‍ය මාධ්‍ය මුල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවේ.

නියමිත පඩිය ලබාදෙන තෙක් අඛන්ඩව විරෝධතාවයේ නිරත වන බව රුපවාහිනි වෘත්තීය සමිති නියෝජතයින් පවසති.

Related Articles