රේගුවේ දිරන  සැප  වාහන…

රේගුවේ දිරන සැප වාහන…

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ආනයනය කරන් ලද සැප වාහන 446 රේගුවේ අංගනයක ගල් කොට තිබේ. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ රථ වාහනවලින් 90% කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස එකලස් කළ ඒවා බවයි.

නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක කළ හමර් රථය සැක කටයුතු ලෙස එම ආනයනකරු වෙතම වෙන්දේසියේදී ලබාදීම සම්බන්ධයෙන් මතු වූ සැකය පිළි බඳව පිලින්බ්ව මේ වන විට විමර්ශනය කෙරෙ න බව ඇමතිවරයා පවසයි.

සතියක් ඇතුලත වාර් තාව ලබා ගන්නා බව ඇමතිවරයා පැවසූ නමුත් දැන් සතිය ගෙවී ගොස් ඇතත් සිදුවූ දේ හරිහැටි දැන ගන්නට නැත.
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ මෝටර් රථයක් රාජසන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදී ඇත්තේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමෙන් බව වාර්තාවී ඇත.

අදාළ මෝටර් රථය තවත් මෝටර් රථ 03ක් සමග මෙම වසරේ පෙබරවාරි මස 22 වනදා ශ්‍රී ලංකාවට ආයනයක කර තිබේ.

හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට අපොහොසත් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කට ය.

එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක අඩු මිලක් යටතේ ය. නමුත් රේගු අඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකිමින් 10%ක් නොඉක්ම වූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක් බව අමාත්‍යවරයා පැවසු නමුත් ඒ පිළිබඳව ගත පියවරක් දැනගන්නට නැත.

Related Articles