ලංගම  බස් රියක්  හොරා ගෙන පෙම් වතිය  බැහැදැකීමට ගිය 15 හැවිරිදි පෙම්වතා….

ලංගම බස් රියක් හොරා ගෙන පෙම් වතිය බැහැදැකීමට ගිය 15 හැවිරිදි පෙම්වතා….

පිළියන්දල බස් නැවතුම් පොලේ ගාල් කර තිබුණු බස් රථ හතරේ රියැදුරන් ආසියානු කුසලාන තරඟය නැරඹීමට ගොස් සිටියහ. ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගැනීමේ උද්දාමයෙන් බස් නැවතුම් පොළට පැමිණි රියැදුරන්ට තරු පෙනින. බස්රථයක් අතුරුදහන් වී තිබින.

එක බස්රථයක යතුරත් දමාගිය බව එක් රියදුරෙකුට මතක් විය. වෙළෙඳසැල් වසා දම තිබු බැවින් cctv දර්ශන ලබාගත නොහැකි විය.

පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පිලියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. රාත්‍රී 12.30 ට පමණ කැස්බෑව දෙස සිට නුහුරු ලෙසින් ධවනය වූ බස් රථය ගැන සැක සිතු පොලිස් නිලධාරීන් බස් රථය නතර කළ සැනින් බස් රථය නතර කල රියදුරා පැන දුවන්නට විය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යාමට බස් නැවතුම් පොලට පැමිණි බවත් එම අවස්ථාවේදී මොරගහහෙන ප්‍රදේශයට යාමට බස් රථයක් නොවූ බැවින් නවතා තිබූ බස් රථ වලට ගොඩ වී පරික්ෂා කිරීමේදී එක් බස් රථයක පණගන්වන යතුර එහිම රඳවා තිබූ බැවින්, කිසිදු අයෙක් බවට පෙනෙන්නට නොසිටි බැවින් බස් රථය රැගෙන පෙම්වතිය හමුවීම සඳහා මොරගහහේන ට ගිය බව සැකකරු කියා සිටියේය.

මෙම පහළොස් හැවිරිදි තරුණයා මීට වසරකට පමණ පෙරද හෝමාගම ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන ඒ ආකාරයෙන්ම පෙම්වතිය බැලීමට ගොස් යළි පැමිණෙන අතරවාරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ බව හෙළිවී ඇත.

මත්තේගොඩ පදිංචි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles