ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඝාතනයට මුල් වුනේ  දේපල ආරාවුලක් ?

ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඝාතනයට මුල් වුනේ දේපල ආරාවුලක් ?

සීදුව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අභිරහස් අපවත්වීම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ ගෝල හිමි නම මේ වන විට පොලීසියේ ප්‍රශ්න කිරීම් වලට ලක්ව සිටී.

අපවත් වූ නැදගමුවේ මහානාම හිමියන් සහ මෙම ගෝල හිමි නම අතර කාලාන්තරයක් තිස්සේ ආරවුල් තිබු බවත් ඒ පිළිබඳව පොලිස් පැමිණිලිද සටහන් වී ඇත. අපවත් වන විට නැදගමුවේ මහානාම හිමියන් 55 හැවිරිදි විය.

මෙය ගෙළ සිරකර සිදුකරන ලද ඝාතනයක් බවට පොලීසිය සැකපළ කරයි. සැකපිට එම විහාරයේ වැඩ වාසය කළ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ හිමිනම අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එම විහාරස්ථානය අවට දුර්ඝන්ධයක් පැතිර ර යාමෙන් පසුවයි පොලිස් විමර්ශන ආරම්භ වී ඇත්තේ .විහාරයේ ලැගුම් ගෙය තුළ ගෙල සිරකර ඝාතනය කර තිබියෙදී උන්වහන්සේගේ සිරුර සොයාගෙන ඇත මෙය හුදෙකලාව පිහිටි විහාරස්ථානයක් වීමේ හේතුවෙන් දින කීපයක මේ අපවත්වීම අනාවරණය නොවීය.

Related Articles