ශ්‍රී ලංකා  ක්‍රිකට්  කණ්ඩායම  පපරෙට  නැටු  හැටි….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පපරෙට නැටු හැටි….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහලොස්වෙනි ආසියානු කුසලානය දිනාගැනීමත් සමඟ පපරේ වාදනය වෙද්දදී ශ්‍රී ලංකාවේ කණ්ඩායම පටන්ගත් නැටුම දැන් ජනප්‍රිය වීඩියෝවක් බවට පත්ව ඇත.

ජය බන්දා ලොවේ අපි එනවා අම්මේ….

මේ මොහොතේ කටුක බවින් පෙලෙන ශ්‍රීලංකාවට මෙය නිඟයට වැටුණු පොද වැස්සක් බව දේශපාලන විචාරකයෝ පවසති. ශ්‍රිලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුහුණුවීම් වලට සහභාගී වීමටවත් ඉන්ධන නොවූ බව මීට පෙර ජත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබින. මෙම ජයග්‍රහණය සැමරීම සඳහා ශ්‍රී ලාංකිකයින් බහුලව වෙසෙන ලන්ඩන්, ටොරන්ටෝ, මෙල්බර්න් ආදී නගරවල ජාතික ධජය ලෙල වමින් ශ්‍රී ලාංකිකයින් වීදියට බැස ජය ගෝෂා පැවැත්වුහ.

ලංඩනයේ සිට කතාකළ හර්ෂ දේව ධනංජය පැසුවේ “අපි කිකට් විතරක් නෙවේ අපි ආයෙත් ලංකාවම දිනාගන්නවා යනුවෙනි.

ශ්‍රී ලංකාවට යළිත් පැමිණීමෙන් පසු කලක් නිහඬව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ක්‍රිකට් කණ්ඩායමට සුබපතා තිබුණි.මෙය ශ්‍රීලංකාවෙන් පලා යාමෙන් පසු නිකුත් කළ පළමු ට්විටර් පණිවිඩයයි.

ආසියානු කුසලානය දිනු ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා රථ පෙරහැරකින් පැමිණීමට නියමිතය.

https://youtu.be/ynY9gZt2NUo

Related Articles