සමන්තා  පවර්  රිදෙන්නම  කියයි…..

සමන්තා පවර් රිදෙන්නම කියයි…..

ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ කරුණු රැසක්ම ඉතා දැඩි ලෙස ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය විසින් ප්‍රකාශ කොට ඇත.

සාමන්‍යයෙන් රාජ්‍ය තන්ත්‍රික නිලධාරීන් ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශ සිදු නොකරන අතර මීට පෙර කාලයේ ඇමරිකානු නිලධාරිනියක් මෙවැනි ප්‍රකාශයක් කලේ නම් එය රටේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිල ගැසීමක් සේ සලකා පෙළපාලි යන්නටත් , උපවාස කරන්නටත් ජාතිකවාදී දේශපාලඥයින් සුදමන් විය හැකි බව විචාරකයින් පෙන්ව දෙති .

දැන් පවතින තත්වය අනුව සමන්තා පවර් මහත්මිය පවසන දේ ඇස පන පිට සනාථ වී ඇති හෙයින් බටහිර කුමන්ත්‍රණ ගැන කතාකරමින් දුෂිත රාජ්‍ය රකින දේශපාලඥයින් වෙනුවෙන් පෙනීසිටින දේශපාලඥයින් හට මුනිවත රැකීමට සිදුව ඇති බව විචාරකයින් වැඩි දුරටත් පෙන්වා දෙති.

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ශ්‍රිලංකාවේ කඩ වැටීමට හේතු බව සමන්තා පවර් මහත්මිය කෙළින්ම කියා සිටියාය.

ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය පැවසුවේ අධික ණය බර,වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය අර්බුදයට මූලික හේතුව බව ද පවර් මහත්මිය පැවැසුවාය.

ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව ද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් ඇය කියා සිටියාය.

Related Articles