අමිතාබ් බච්චන්ට අසුවයි….

අමිතාබ් බච්චන්ට අසුවයි….

අමිතාබ් බච්චන් දිවි මගේ අසුවෙනි මග ලකුණට පියමං කරන්නේ මතක රැසක් එකතු කරමිනි. වඩාත් මෑත ඔහු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක මනසට කථා කළේ ගීතයක් පිළිබඳව සටහනක් තබමිනි.

“ඇදහිය නොහැකි තරම් අලංකාර ශ්‍රී ලාංකික ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මම අගය කරනවා. මේ ගීතය මගේ නිවසේම ඉන්න දක්ෂයා මගේ මිණිබිරී නව්‍යා නවෙලි මගේ කාලියා චිත්‍රපටයේ ගීතයට සංස්කරණය කරලා තියෙනවා. මේ ගීතය මුළු රැයේම මගේ මනස තුළ සෙල්ලම් කරනවා. මට එයට සවන්දීම නැවැත්විය නොහැකියි.’

ගීතයට ජනප්‍රියත්වයේ තටු ලැබී එය ඉහළ ආකාශයට පියඹා ගියේ අමිතාබ් බච්චන් ප්‍රතිරූපය කොතරම්ද යන්න කියා පාමිනි. අලහබාද් හි උපන් 1949 වසරේ උපන් අමිතාබ් බච්චන් චිත්‍රපට 180 කට වැඩි සංඛ්‍යාවක රඟපා ඇත.

‘වයස යන එක වළක්වන්න බෑ’ යයි පවසන් ඔහු තාම දහ දෙනකුට තඩිබාන්න පුළුවන්. යයි පවසමින් සිනහවෙයි. 1973 වසරේ තිරගතවූ Zanjeer චිත්‍රපටයේ සාර්ථකත්වය ඔහුට නව මගක් විවර කළේය එහි ප්‍රධාන නිළි ජයා බහදූරි ඔහු හා , හදිසියේම විවාහ විය.

ඔහු සමා ජ වගකීම් පිළබඳව සංවේදී කලා කරුවෙකි. මීට වසර හතරකට පෙර එනම් 2018 වසරේදී ඉන්දීය ගොවීන්ගේ රුපියල් මිලියන 40 ක ණය මුදල් ගෙවා දැමීය. 2018 වසර මුලදී මේ සුපිරි නළුවා මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනකුගේ ණය ගෙවා දැමීය. එයින්ම මේ නළුවා ගේ මානව දයාව පිළිබඳ වඩා හොඳ සාක්ෂියක් ලැබෙයි.

දිවියේ 80 වැනි කඩඉමට පැමිණීම වෙනුවෙන් දින 4ක විශේෂ චිත්‍රපට උලෙළක් නිවේදනය කර ඇත. ‘Bachchan Back To The Beginning’ නමින් පැවැත්වෙන මෙම උත්සවය ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වී ඔහුගේ උපන්දිනය යෙදී ඇති අද (11 වැනිදා) අවසන් වේ. ඒ අනුව අමිතාබ් රඟපෑ වාර්තාගත චිත්‍රපට 11 ක එකතුවක් නගර 17 ක ප්‍රදර්ශනය කෙරේ.

Related Articles