අසේකා  චන්න  -පිය දෝනි නර්තනයේ  අපුරුව…

අසේකා චන්න -පිය දෝනි නර්තනයේ අපුරුව…

නව පරපුරේ ප්‍රතිභාපූර්ණ නර්තන ශිල්පිනි අසේකා විජේවර්ධන යුග දිවියට පිවිසීම මේ වනවිට සමාජ මාධ්‍ය පුරා පැතිර ඇත්තේ සිහින විවාහයක් ලෙසින්.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරා වන ජනික් ජයසූරිය සමඟ විවාහවීම, ජත්‍යන්තර නර්තන ක්ෂේත්‍රයේ චන්න- උපුලී සහ අසේකා ත්‍රිත්වය තබා ඇති ලකුණ සහ ශැන්ග්‍රිලා හෝටලයට එක්වූ තාරකා සමුහය මේ විවාහයට සිහින ගුණය එක්කලා විය හැකිය.

සංවේදී සම්බන්ධය…

මේ සිහින ගුණයට එහා ගිය යමක් එදා සිදුවිය. මෙවැනි විවාහ උත්සව වලදී සිදුවෙන පියා සහදියණිය අතර වූ නැටුම පියෙක් සහ දියණියක් අතර පවතින සංවේදී සම්බන්ධය නර්තනය තුලින් තීව්‍ර ලෙස ප්‍රකට කෙරින.

වෙසෙසින්ම චන්න සහ අසේකා විජේවර්ධන අතර වූ හැගීම්බර ආතතිය බොහෝ දෙනාගේ හිතටත් නෙතටත් කඳුලක් ගෙනාවේ නර්තනයට එක්වූ ගීතය හේතුවෙනි.

චන්න සහ අසේකා ඉදිරිපත් කල රංගය විවාහ උත්සවයකදී ඉදිරිපත් කළ තවත් එක රංගයක් පමණක් නොවේ එය අති සියුම් හැගීම් තමන් තෝරාගත් කල මාධ්‍ය තුලින් නිරූපනය කිරීමේ අපුරුව සනිටුහන් කල අවස්ථාවක් විය.

මතක මිහිර ගලයි අතීතයෙන්…

සැරසී සිටිනවා දකින්න මගුල් ඇඳුමින්
අම්මටයි මටයි නම් හරිම දුකයි
අපේ පුංචි කෙල්ල දැන් ලොකුයි
මතක මිහිර ගලයි අතීතයෙන්
දුව පැනගියා එදා මගේ කකුල් මතින්
මෙදා නැගිටින්න පුළුවන් දෝනිගේම දෙපයින්
ඒ වුනත් නුඹ මගේ පුංචි කෙල්ලම තමයි
මගේ මුළු ලෝකයම මේ කෙල්ල තමයි

මේ නිකම් ම නිකම් නැටුමක් නෙවෙයි
නුඹ නිසා මා කොතෙක් ආඩම්බර දැයි ලොවට කියන්න ලැබෙන වරමයි
නටුවේ එදා අපි කාමරේ වටේ එත කොට වයස අවුරුදු දෙකයි
අදත් ඒ වගේම තමයි පුංචි කෙල්ලේ මේ නැටුම ඔයාටමයි
අල්තාරය වෙත රැගෙන ගිය පැයේ
දුටිමි ඒ ලස්සන හිනාව මුහුණේ
මවන්න පුළුවන් ඒ සුන්දරත්වය දෙවියන්ට විතරමයි

පුංචි කෙල්ලට යන්න දෙන්න වෙන බව දැනුනාම
නැගෙනවා හිතට කඳුළු – එත් හැමදාමත් නුඹ මගේ පුංචි කෙල්ලම තමයි…

Related Articles