ජන ගන  මන -ලංකාවටත්  පාඩමක්  දෙන මලයාලම්   චිත්‍රපටය….

ජන ගන මන -ලංකාවටත් පාඩමක් දෙන මලයාලම් චිත්‍රපටය….

රාමනගර් මධ්‍යම විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක සබා මාරියම් ගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින විද්‍යාල සිසුන් හට දැඩි පොලිස් ප්‍රහාරයක් එල්ල වේ.

ප්‍රාන්ත පොලිසිය විසින් කුරිරු ලෙස මර්දනය කරයි .රට පුරා පොලිස් කෲරත්වයට එරෙහිව දැඩි විරෝධතා මතුවේ.කර්නාටක රජය පීඩනයට ලක්ව සබා මරියම්ගේ ඝාතන නඩුව විසඳීම සඳහා සහකාර පොලිස් අධිකාරී සජ්ජන් කුමාර් පත් කරයි. සජ්ජන් නඩුව විමර්ශනය කිරීමට පටන් ගත් විට, සිව් දෙනෙකු ඇයව පුළුස්සා මරා දමා ඇති බව ඔහු සොයා ගෙන ඔවුන් අත්අඩංගුවට ගනී. අපරධකරුවන් හතර දෙනෙක් මරා දැමීම හේතුවන් ද ජනතාව සතුටට පත්ව සජ්ජන් කුමාර් වීරයෙක් කරගනිති. කෙසේ වෙතත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මෙම සිදුවීම පිළිබඳව අධිකරණයට පැමිණිල්ලක් ගොනු කරති.

මේ මුළු නඩුවම කර්ණාටක රජය ඉදිරි මැතිවරණ වලදී තම තනතුර රැක ගැනීමට කළ දැවැන්ත කුමන්ත්‍රණයක් බවත් එහි මහ මොළකරු සජ්ජන් බවත් අධිකරණයට හෙළිදරව් වේ.

මහචාර්ය තවත් සරසවි ඇදුරෙක් විසින් ඝාතනය කරන ලද බව හෙළිදරව් වූ අතර, මෙම පුවත ස්වදේශ කටයුතු අමාත්‍ය නාගේෂ්වර රාඕ වෙත වාර්තා වූ විට, ඉදිරි මැතිවරණවලදී මහජන සහයෝගය ලබාගැනීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස සජ්ජන් විසින් ඔහුට උපදෙස් ලබා දෙනු ලැබේ.

මේ තොරතුරු හෙළිදරව් වූ විට සජ්ජන් අත් අඩංගුවට පත්වන නමුත්, පසුව හෙළිදරව් වන්නේ අධිකරණයට යාම සඳහා මානව හිමිකම් ක්‍රියාධාරින්ට තොරතුරු ලබාදී ඇත්තේ ද සජ්ජන් විසින්මය ,ඒ ඔහුගේ වරදකාරී හැගීමෙන් බේරීමටය.

සජ්ජන් ගේ සැබෑ අභිප්‍රාය ඇමති නාගේෂ්වර රාඕගේ ගෙන් පලි ගැනීමයි. ජන ගන මන යනු ඉන්දීය ජාතික ගීතයයි.

පුරි ජගන්දා විසින් අධයක්ෂණය කරන ලද ජන ගන මන චිත්‍ර පටය පෙන්නුම් කරන්නේ රාජ්‍ය බලය පවත්වා ගෙන යෑම සඳහා දේශපාලඥයින් සහ ඔවුන්ගේ සගයින් කරන සට කපටිකම්ය.

මේ කථා පුවතේ හරය ශ්‍රී ලංකාවේ සිදුවෙන බොහෝ දේට සමානකම් දක්වයි. වැදගත්ම කාරනාව වන්නේ තාර් කිකව දේශපාලන තීන්දු තීරණ ගන්නේ නැති සමාජයක් තුල දේශපාලඥයින් හට ජනතාව රිසි ලෙස මෙහයවිය හැකි බවයි.

https://youtu.be/I_clOqZnVTE

Related Articles