ජැකලින් ෆර්නැන්ඩස් කුමන්ත්‍රණයක වින්දිතයෙක්?

ජැකලින් ෆර්නැන්ඩස් කුමන්ත්‍රණයක වින්දිතයෙක්?

කෝටි ගණනක මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක ලෙස නම් කොට ඇති ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතීඥයා කියා සිටින්නේ මේ සුරුපිනිය “කුමන්ත්‍රණයක වින්දිතයෙකු” බවයි.

චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් දිනකට පසුවයි , “කුමන්ත්‍රණයක වින්දිතයෙකු” බව ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතීඥ ප්‍රශාන්ත් පටිල් ප්‍රතිචාර දක්වා ඇත්තේ චූදිත සුකේෂ් චන්ද්‍රශේඛර්ට සම්බන්ධ රුපියල් කෝටි 215 ක කප්පම් නඩුවකට අදාළව නිළියට චෝදනා ගොනු කිරීමේ හේතුවෙන් ඇයගේ ප්‍රතිරූපය අනවශ්‍ය ලෙස කැළැල් වී ඇති බවයි ඇගේ නීතිවේදියා පවසන්නේ.

“ඔබ මෙහි මානුෂීය පැත්ත තේරුම් ගත යුතුයි. ජැකලින්ගේ කතාව අසන්නේ නැතිව. , මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කර ඇයට නඩු පැවරීම සාධාරණ නැහැ” යනුවෙන් ඇගේ නීති වේදියා පවසයි. රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවක් සම්බන්ධයෙන් දැනට සිරගතව සිටින රැවටිලිකාරයෙක් වන සුකේෂ් චන්ද්‍රශේඛර් තමන් “සන් ටීවී හි හිමිකරු සහ ජයලලිතාගේ බෑණනුවන්” ලෙස හඳුන්වා ගනිමින් ජැකලින් ෆර්නැන්ඩස් හා සමීප සම්බන්ධයක් ගොඩනගා ගනිමින් වටිනා ත්‍යාග නිළියට ලබාදී ඇත.

සුකේෂ් චන්ද්‍රසේකර් ජැකලින් ෆර්නැන්ඩස්ට කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5.71ක් වටිනා විවිධ තෑගි ලබා දී ඇති බවටයි චෝදනා කර ඇත්තේ.

ඔවුන් දෙදෙනා චෙන්නායිහිදී මුණගැසුණේ දෙවරක් පමණක් බවත්, මාස හයක් පමණ දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බව ජැකලින් ෆර්නැන්ඩස් පවසයි.

රැන්බැක්සි ඖෂධ නිෂ්පාදනයේ හිටපු ප්‍රවර්ධකයින් වන අද්ත්‍ය සින්ග් සහ ශවින් සින්ග් ගෙන් රුපියල් කෝටි 215 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් චන්ද්‍රශේකර් දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

“ඇය අපමණ වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. ඒ ජීවිතයේ දී ඇය තම වෘත්තියෙන් අත්කර ගත් දේ සාක්ෂාත් කර ගැනීම සඳහා ය.මෙවැනි අශික්ෂිත චෝදනා අනවශ්‍ය ලෙස ප්‍රතිරූපය විනාශ කරයි’ යනුවෙන් ඇගේ නීතිවේදියා පවසයි ”

මේ වනවිට ඇයට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර චිත්‍රපටි ගණනාවක්ද අහිමිවී ඇත. ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ජැකලින් ෆර්නැන්ඩස්ගේ ශ්‍රි ලංකාවේ උපත ලබා බහරේන්හි හැදී වැඩී ඇත.

Related Articles