සුදත් රෝහණ ගේ රූප හදන කල්තොට….

සුදත් රෝහණ ගේ රූප හදන කල්තොට….

ඇතැම් දෘශ්‍ය නිර්මාණවේදීන් තමන්ගෙ හිතේ තිබෙන දේ පරිසරයෙන් උකහා ගැනීමට මන බලති. සම්මානීය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් වන සුදත් රෝහණ බළංගොඩ කල්තොට කරා යන්නේ ඒ උවමනාවටය.’ මගේ නිර්මාණ ඇසුරෙන් 95% ක් පමණම බළංගොඩ කල්තොට හා ඒ අවට රූගත කිරීම් සිදුකරල තිබෙනව කියල සඳහන් කරන්නත් පුළුවන්.’ යැයි සුදත් පවසයි.

දේශගුණික විවිධත්වය. බදුල්ල” රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කයන්ට මායිම්ව තමයි භූගෝලීය වශයෙන් ඒ ප්‍රදේශය පිහිටා තිබෙන්නෙ. ඒ පිහිටීම හේතුවෙන් ඒ ඒ දේශගුණික කලාපවලට ඇතුළුවීමේදී අවම කාලයක් තුළ ඒ දේ කරගන්න පුළුවන්. ඒ හේතුවෙන් අදාළ නිර්මාණ කටයුත්තට අදාළ පසුතල නිර්මාණයේදී එය ඉතා වැදගත් සාධකයක් බවට පත්වෙනවා.

කල්තොට සුදත් රෝහණ සිත් ගන්නේ එහි දේශගුණික විවිධත්වය හේතුවෙනි.

දේශගුණික විවිධත්වය. බදුල්ල” රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කයන්ට මායිම්ව තමයි භූගෝලීය වශයෙන් ඒ ප්‍රදේශය පිහිටා තිබෙන්නෙ. ඒ පිහිටීම හේතුවෙන් ඒ ඒ දේශගුණික කලාපවලට ඇතුළුවීමේදී අවම කාලයක් තුළ ඒ දේ කරගන්න පුළුවන්. ඒ හේතුවෙන් අදාළ නිර්මාණ කටයුත්තට අදාළ පසුතල නිර්මාණයේදී එය ඉතා වැදගත් සාධකයක් බවට පත්වෙනවා.

බළංගොඩ නගරයෙන් තරමක් දුරින් පිහිටි කල්තොට ප්‍රදේශයට යන ඕනෑම කෙනෙකුට වියළි කලාපයට අයත් වැව් අමුණු එක පැත්තකින් දැකගන්න පුළුවන් වෙනව. තවත් පැත්තකින් සබරගමු පළාතට අයත් වනාන්තර පද්ධතිය දැකගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන පරිසර පද්ධතිය තමන් ගේ නිර්මාණ කටයුත්තක් පිණිස පාවිච්චි කරන්න පුළුවන් වීමත් ඒ ප්‍රදේශය තෝරා ගැනීමට තවත් හේතුවක් බවට පත්වුණා.

වන වදුලේ වසන්තය රූපගත කිරීමට කල්තොට ගිය සුදත් රෝහණ සුදු කළුවර, උතුවන්කන්දේ සරදියෙල් සහ ස්වයංජාත ඊට අමතරව මෑතකදී ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මානික්කාවත ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සියල්ලක්ම පාහේ රූගත කිරීම් සිද්ධ කළේ කල්තොට සහ ඒ අවට ප්‍රදේශ මුල්කර ගෙනය.

“බළංගොඩ නගරයෙන් තරමක් දුරින් පිහිටි කල්තොට ප්‍රදේශයට යන ඕනෑම කෙනෙකුට වියළි කලාපයට අයත් වැව් අමුණු එක පැත්තකින් දැකගන්න පුළුවන් වෙනව. තවත් පැත්තකින් සබරගමු පළාතට අයත් වනාන්තර පද්ධතිය දැකගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන පරිසර පද්ධතිය තමන් ගේ නිර්මාණ කටයුත්තක් පිණිස පාවිච්චි කරන්න පුළුවන් වීමත් ඒ ප්‍රදේශය තෝරා ගැනීමට තවත් හේතුවක් බවට පත්වුණා” යැයි සුදත් රෝහණ පවසයි.

Related Articles