සුෂ්මිතා සෙන් සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියක භූමිකාවට පිවිසීම ගැටළුවක්  වෙලා….

සුෂ්මිතා සෙන් සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියක භූමිකාවට පිවිසීම ගැටළුවක් වෙලා….

හිටපු විශ්ව රූ රැජිනක වන සුෂ්මිතා සෙන් සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියක පිළිබඳව වන බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවට පිවිසීමට සුදානම්ය. ඉන්දියාවේ සංක්‍රාන්ති ප්‍රජාවේ සමහරුන් පවසන්නේ මෙය තමන් ගේ රැහේ එකෙකුට දිය යුතුව තිබුන බවයි.

ඒඩ්ස් රෝගයෙන් මියගිය ලිංගික සේවා සපයන්නියකගේ දියණියක් හදාවඩාගත් මුම්බායිහි සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියක වන ගෞරි සවාන්ත්ගේ ජීවිතය පාදකකරගෙන් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමට නියමිතය.

ලිංගික සංක්‍රාන්තික නිළියන් රැසක් මේ වන විට ඉන්දීය සිනමාවට පිවිසී ඇති අතර තාලි චිත්‍රපටියේ ගෞරි සවාන්ත්ගේ චරිතය තමාට ලැබෙනු ඇතැයි ඔවුන් බොහෝ දෙනා විශ්වාශ කළහ.

Related Articles